×

එක්සත් ජනපදය යුක්රේනයට හමුදා ආධාර සැපයීම අත්හිටුවයි

යුක්රේන නායකයා සාමය සඳහා හොඳ විශ්වාසයක් ඇති බව පෙන්නුම් කරන තෙක් මෙම ආධාර අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇත.


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමඟ මාර්තු මස 01 වන දා පැවති අසාර්ථක සාකච්ජා වන්ගෙන් අනතුරුව එක්සත් ජනපදය යුක්රේනයට හමුදා ආධාර අත්හිටුවා ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් සහ ෆොක්ස් නිවුස් වාර්තා වලට අනුව, යුක්රේන නායකයා සාමය සඳහා හොඳ විශ්වාසයක් ඇති බව පෙන්නුම් කරන තෙක් මෙම ආධාර අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇත.

වසර තුනකට පෙර රුසියාව පූර්න පරිමාන ආක්‍රමණයක් දියත් කළ දා සිට යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ, උපකරණ සහ මූල්‍ය ආධාර ඇතුළු විශාලතම මිලිටරි ආධාර එක්සත් ජනපදය සපයා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි