×

ජාතිවාදී සළුවෙන්ම ජාතිවාදය රැකගැනීමට වෙරදරන ට්‍රම්ප් ගේ ට්විටර් පණිවුඩය

“පහත්ම හා දූෂිතම රාජ්‍යවල සිට පැමිණ, ලොව ශ්‍රේෂ්ඨතම රාජ්‍යය වන ඇමරිකාව ගොඩනැංවිය යුතු ආකාරය පිළිබඳ අදහස් දක්වන “ප්‍රගතිශීලී” යැයි කියාගත් ඩිමොක්‍රටික් කොන්ග්‍රස කාන්තාවන් හරිම සිත් ගන්නා සුළුයි.” ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි!


මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුළුතර හා කළු සම්භවයක් (black and minority ethnic: BAME) සහිත ඩිමොක්‍රටික් කොන්‍රගස නියෝජිත කාන්තාවක් පිළිබඳ නිකුත් කළ ට්විටර් පණිවුඩයක් පිළිබඳ සමාජ මාධ්‍යජාල වල කසුකුසුවක් ඇතිවිය.

ඒ ඔහුගේ ට්විටර් පණිවුඩයේ ජාතිවාදය හා අප්‍රසන්නභාවය හැඟවෙන අදහස් ගැබ්ව තිබූ නිසාවෙනි.

පසුගිය සෙනසුරාදා දින නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ සඳහන් ව තිබුණේ මෙවැන්නකි:

විනාශකාරී, පහත්ම හා දූෂිතම රජයන් පැවති රාජ්‍යවල සිට ඇමරිකාවට පැමිණ, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, ලොව පවතින ශ්‍රේෂ්ඨතම රාජ්‍යය වන ඇමරිකාව ගොඩනැංවිය යුතු ආකාරය පිළිබඳ අදහස් දක්වන “ප්‍රගතිශීලී” යැයි කියාගත් ඩිමොක්‍රටික් කොන්ග්‍රස කාන්තාවන් හරිම සිත් ගන්නා සුළුයි. අපරාධ වලින් පිරුණු, කඩා වැටුණු ඔවුන්ගේ ම රාජ්‍යයන් වලට ආපසු ගොස් ඒවා ගොඩනඟන්නේ නම් ඊට වඩා නොවටින්නේ ද? ඊට පසු අප රාජ්‍යයට පැමිණ වැඩ පෙන්වන්න.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම ට්විටර් පණිවුඩයෙන් පසු එම වදන් වල පවතින ජාතිවාදී වියරුව මැනවින් පෙන්වන බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඇතුළු බොහොමයක් චෝදනා නඟන ලදී.

මෙයට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

අපගේ රාජ්‍යය පහත් තැනට දමා කතා කරනවුන්, විශේෂයෙන්ම ඊශ්‍රාලයට අසීමිත ලෙස වෛරකරන පුද්ගලයින්, ආරක්ෂා කිරීමට තැත් කරන ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පිළිබඳ මා හට ඉතාම දුකයි. අප ඔවුන් පිළිබඳ විවේචනයක් එල්ල කරන සෑම විටකම, ඔවුන් අපට පවසන්නේ අප ‘ජාතිවාදීන්’ කියා ය. මෙම චෝදනාව නැන්සි පෙලෝසි ට ද එල්ල කර ඇත. ඔවුන්ගේ අප්‍රසන්න භාෂා විලාශය හා එක්සත් ජනපදය පිළිබඳ ප්‍රකාශ කොට ඇති පහත් ප්‍රකාශ අභියෝගයට ලක් නොකර යා නොහැකියි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හට අවශ්‍ය වන්නේ ද මෙම පහත් චර්යාවම නම්, එයින් කියවෙන්නේ 2020 මැතිවරණය අසබඩ ඔබ පෙළ ගැසෙනා අන්දම දැකීමට අප තුළ පවතින උනන්දුව තවත් වැඩි වන බවයි!

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ ඇගේ සගයන් තම “රෑන” ලෙස හැඳින්වීමෙන් අනතුරුව මෙම ආරවුල ආරම්භ විය.


ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් මෙනවිය

අනෙක් කොන්ග්‍රස නියෝජිතයන් වන්නේ මිනසෝටා හි ඉල්හාන් ඕමාර්, මැසචුසෙට්ස් හි අයනා ප්‍රෙස්ලි සහ මිචිගන්හි රෂීඩා ත්ලයිබ් ය.

ඕමාර් මෙනවිය සෝමාලියානු සම්භවයක් සහිත කොන්ග්‍රස නියෝජිත කාන්තාවකි.

ට්‍රම්ප් ගේ මෙම ප්‍රකාශයෙන් පැය ගණනක් යන්නට මත්තෙන් ත්ලයිබ් මෙනවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇගේ වචනයෙන්ම “නීති ගරුක නොමැති අතිශය අසාර්ථක ජනාධිපතිවරයකුට” දක්වන ප්‍රතිචාරයක් වශයෙන් ප්‍රකාශ කර සිටියේ, රටෙහි ආපදාව අන් කිසිවකු නොව ඔහුම බවයි.

සැබෑ ආපදාව ඔහුගේ භයානක දර්ශනය යි. ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් රැගෙන ආ යුතුයි,” ඈ ප්‍රකාශ කර සිටියාය.  

මෑතකදී සිය පක්ෂයෙන් ඉවත් වීමට පියවර ගත් ට්‍රම්ප්ගේ විවේචකයෙකු වන මිචිගන් හි හිටපු රිපබ්ලිකන් නියෝජිත ජස්ටින් අමාෂ් මෙම ප්‍රකාශය හැඳින්වූයේ “ජාතිවාදී හා පිළිකුල් සහගත” ප්‍රකාශයක් ලෙසිනි.

එමෙන්ම ඇමරිකානු ජනාධිපති හට “ඇමරිකාව යළි සුදු පැහැ කිරීමේ” අවශ්‍යතාව ඇතැයි ප්‍රකාශ කළ සභා කතානායිකා නැන්සි පෙලෝසි හට ද මෑතකදී ජාතිවාදී චෝදනා නැඟී තිබුණේ, ඈ ඔකාසියෝ-කෝර්ටෙස් මෙනවිය සභාවට බලපෑම් කිරීම අවම කිරීමට උත්සාහ දරමින් සිටි නිසාවෙනි. ඇගේ මෙම ක්‍රියාවෙන් ජනවාර්ගිකත්නය මත කාන්තාවන් හට වෙනස්කොට සැලකීම් දක්වන්නේ යන චෝදනාව ඈට එල්ල විණ.

ඇමරිකානු සභා කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය

කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සභානායිකා පෙලෝසි සමඟ පවතින ‘දිය යට ගින්දර’ පසෙක ලා ඈ ආරක්ෂා කරමින් පවසා සිටියේ ඈ ජාතිවාදියකු නොවන බවයි.  

පුවර්ටෝ රිකන් සම්භවයක් ඇති ඔකාසියෝ-කෝර්ටෙස් මෙනවිය නිව් යෝර්ක් වල බ්‍රොන්ක්ස් හි උපත ලැබ වෙස්ට්චෙස්ටර් ප්‍රාන්තයේ හැදී වැඩුණු කාන්තාවකි.

මැසචුසෙට්ස් සිට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු කළු ජාතික කාන්තාව වන ප්‍රෙස්ලි උපත ලැබුවේ සින්සිනාටි හී ය.

කොන්ග්‍රසයට තේරී පත් වූ සෝමාලියානු සම්භවයක් ඇති පළමු කාන්තාව සහ එහි පළමු මුස්ලිම් කාන්තාව වන ඕමාර් මෙනවිය සෝමාලියාවේ උපත ලැබුවද, සිවිල් යුද්ධය මත තම මව් රට විනාශ වූ හෙයින් ළමා කාලයෙන් වැඩිකලක් කෙන්යානු සරණාගත කඳවුරක ගත කළ කාන්තාවකි.

වයස අවුරුදු 12 දී ඇය එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර, ඇමරිකානු රූපවාහිනී නාලිකා නැරඹීමෙන් ඉංග්‍රීසි බස ඉගෙන අවසානයේ සිය පවුලේ සාමාජිකයන් සමඟ මිනියාපොලිස් හි පදිංචි වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි