×

ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන් 530,000 දෙනෙකුගේ නීතිමය තත්ත්වය අවලංගු කරයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණි මිලියන භාගයකට අධික සංක්‍රමණිකයින්ගේ විසා බලපත්‍ර නැවත අලුත් නොකරන බවට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, මෙම පිරිස පිටිවහල් පිරීමට පෙර රට හැර යන ලෙස අනතුරු අඟවා ඇති අතර නීත්‍යානුකූල සංක්‍රමණික මාර්ග […]


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව, හයිටි, නිකරගුවාව සහ වෙනිසියුලාව යන රටවලින් පැමිණි මිලියන භාගයකට අධික සංක්‍රමණිකයින්ගේ විසා බලපත්‍ර නැවත අලුත් නොකරන බවට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම පිරිස පිටිවහල් පිරීමට පෙර රට හැර යන ලෙස අනතුරු අඟවා ඇති අතර නීත්‍යානුකූල සංක්‍රමණික මාර්ග විවෘත කිරීම සඳහා නිර්මාණය කරන ලද CHNV ලෙස හැඳින්වෙන බයිඩන් යුගයේ අනුග්‍රාහක ක්‍රියාවලියක් යටතේ සංක්‍රමණිකයන් 530,000 ක් එක්සත් ජනපදයට ගෙන එන ලදී. ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු වැඩසටහන අත්හිටුවන ලදී.

මිට අමතරව රුසියානු යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදයට පලා ගිය යුක්රේනියානුවන් 240,000 ක පමණ පිරිසකගේ තාවකාලික නීතිමය තත්ත්වය අවලංගු කළ යුතුද යන්න ට්‍රම්ප් සලකා බලමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි