×

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (video)

වෙඩි ප්‍රහාර හේතුවෙන් රැලියේ එක් ප්‍රේක්ෂකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.


සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `14, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති මැතිවරණ ප්‍රචාරණ රැලියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.

මෙහිදී බරපතල තුවාල සිදුවී නොමැති අතර ට්‍රම්ප්ගේ දකුණු කනේ උඩ කොටස වෙඩි වැදීම හේතුවෙන් ඉරි ගොස් ඇති අතර ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් සැකකරු එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කර ඇති අතර වෙඩි ප්‍රහාර හේතුවෙන් රැලියේ එක් ප්‍රේක්ෂකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

වෙඩික්කරුගේ අනන්‍යතාවය සහ චේතනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ප්‍රචණ්ඩත්වය හෙලා දැක තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති බිඩෙන් සඳහන් කර තිබුණේ, “මෙවැනි ප්‍රචණ්ඩත්වයට ඇමරිකාවේ ඉඩක් නැත. එය හෙළා දැකීමට අපි එක ජාතියක් ලෙස එක්විය යුතු” බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි