×

ජනපති ට්‍රම්ප් ගේ ‘එක්ස්පෙන්සිව්’ පාපොච්ඡාරණය

දේශපාලනය නොකර ව්‍යාපාර කරගෙන ගියා නම් මට ලෙහෙසියෙන් ඒ මුදල උපයන්න තිබුණා....


තමා ජනාධිපති ධූරයේ හෙබවීම නිසා ඩොලර් බිලියන 2 – 5 අතර මුදල් ප්‍රමාණයක් වැයවී ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය සඳු (20) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

දේශපාලනයට පිවිසීම වෙනුවට තම ව්‍යාපාර කටයුුතු දිගටම පවත්වා ගෙන ගියේ නම් එම මුදල ඉපයීමට හැකියාව තිබූ බවට ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

තවද, තම ව්‍යාපාර වෙත නැවත ප්‍රවේශ වීමට අවශ්‍ය නම් එයද ක්ෂණිකව කිරීමට උත්සුක බව පැවසූ ඒ මහතා අවධාරණය කර සිටියේ තමාට එය දැරිය හැකි බැවින් කිසිවකුත් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍ය නොවන බවය. 

එළඹෙන 2020 වර්ෂයේ G7 සමුළුව සිය පෞද්ගලික දේපළක් වන මයැමි ප්‍රදේශයේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් රිසෝර්ට් නම් නිවාඩු නිකේතනයේ පැවැත්වීමට ගත් තීරණය හමුවේ එල්ල වූ විරෝධතාවය මත එම තීරණය අතහැර දැමීමට සිදුවීම පිළිබඳව ඒ මහතා සිය අප්‍රසාදය ද ප්‍රකාශ කර සිටියේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් එළඹෙන වසරේ සංවර්ධිත ලෝක නායකයින්ගේ සප්ත ආර්ථික සමූහ සමුළුව හෙවත් G7 සමුළුව කැඳවීමට නියමිතව තිබූ අතර එය පැවැත්වීම සඳහා ඩොරල් හි සිය පෞද්ගලික දේපළක් භාවිතා කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන් ගෙන් විවේචන එල්ල වී තිබූ බවට අප ඔබට වාර්තා කරේ තෙදිනකට පෙරය. ඩොරල් හිදී මෙම සමුළුව පැවැත්වීමේ සැලසුම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ගේ මෙන්ම ඔහු නියෝජනය කළ රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් ගේ පවා දැඩි විවේචනයට ලක්විය. ඔවුන් පෙන්වා දී තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික සමුළුන් සිය පෞද්ගලික දේපළ තුළ පැවැත්වීම මඟින් ජනපතිවරයකු ලෙස ඔහු ලාභ ඉපයීමට වෙර දරන බවයි.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි