×

කොරෝනා වසංගතය, පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයටත් වඩා ඇමරිකාවට බලපා ඇත – ට්‍රම්ප්

දෙසැම්බර් මාසයේදී චීන නගරයක් වන වුහාන් හි මතුවූ දා සිට, කොරෝනා වෛරසය ඇමරිකානුවන් මිලියන 1.2 කට ආසාදනය වී ඇති අතර 73,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,කොරෝනා වෛරසය වසංගතය එක්සත් ජනපදයේ මෙතෙක් සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙස විස්තර කළ අතර එය චීනයේ වරදක් යැයි කියමින් චීන ජනරජයට ඇඟිල්ල දිගු කරන්නට විය.

දෙවන ලෝක සංග්‍රාමයේදී පර්ල් වරායට ජපානය බෝම්බ හෙලීම හෝ දශක දෙකකට පෙර 9/11 බෝම්බ ප්‍රහාරයට වඩා මෙම වසංගතය එක්සත් ජනපදයට දැඩි ලෙස බලපා ඇති බව ට්‍රම්ප් පැවසීය.

“එය කිසි විටෙකත් සිදු නොවිය යුතුය. මූලාශ්‍රය තුළ නතර කළ හැකිව තිබුණි. චීනයේ නතර කළ හැකිව තිබුණි. එය ප්‍රභවයේදීම නැවැත්විය යුතුව තිබුණි. එය එසේ නොවීය.”ඔහු ආවේගශීලීව පැවසීය.

ඔහු සිය පරිපාලනය හා එක්ව මෙම තත්වය ගෝලීය වසංගතයක් බවට පත් කරවීම හේතුවෙන් චීනයට එරෙහිව දඬුවම් ලබා දීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තාවේ.

වසංගතය සැබෑ යුද්ධයක් ලෙස සලකන්නේ දැයි වාර්තාකරුවෙකුගෙන් විමසූ විට ට්‍රම්ප් මහතා කියා සිටියේ වසංගතය චීනයට වඩා ඇමරිකාවේ සතුරා බවය. “අදෘශ්‍යමාන සතුරා [කොරෝනා වෛරසය] යුද්ධයක් ලෙස මම සලකමි,” ඔහු පැවසීය. “එය මෙතැනට පැමිණියේ කෙසේද යන්නට මම කැමති නැත. මන්ද එය නැවැත්විය හැකිව තිබුනි. නමුත් එසේ වූයේ නැත”

දෙසැම්බර් මාසයේදී චීන නගරයක් වන වුහාන් හි මතුවූ දා සිට, කොරෝනා වෛරසය ඇමරිකානුවන් මිලියන 1.2 කට ආසාදනය වී ඇති අතර 73,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි