×

නව වසරේ ට්‍රම්ප් ගෙන් කිම් ජොන් උන් ට සුදු හුණු!

අපට කිරීමට සිදුව ඇත්තේ කුමක්ද, එය කිරීමට අපට සිදුවෙනවා, ට්‍රම්ප් පවසා සිටියේ එවැන්නකි.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා න්‍යෂ්ටිකකරණය වැළැක්වීමට ගිවිසුමක් අත්සන් කර ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳ සැල කර සිටියේ අන් කවරකු නොව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ය.

ඇමරිකානු – උතුරු කොරියානු මතභේදාත්මක තත්ත්වය කාලයක් මුළුල්ලේ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය දිනා තිබිණි.

ඒ, දෙපාර්ශවය අතර න්‍යෂ්ටිකකරණය වැළැක්වීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ය.

කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (31) දින නිකුත් කළ ප්‍රකාශයකට අනුව උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටිකකරණය වැළැක්වීමට ගිවිසුමක් අත්සන් කොට තිබේ.

කිම් ජොන් උන් යනු වචන දෙකේ පුද්ගලයකු නොවන බවද හෙතෙම සිය ප්‍රකාශයේ සඳහන් කළේය.

ට්‍රම්ප් ට අනුව මෙම ගිවිසුම අත්සන් කොට ඇත්තේ සිංගප්පූරුවේදී ය.

උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම දිගටම සිදු කිරීම හා නව ක්‍රමෝපායික අවියක් හඳුන්වා දීම පිළිබඳ පුවත සමාජ ගත වීමත් සමඟ ජාත්‍යන්තර තලය උණුසුම් වී තිබිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිම් ජොන් උන් සමඟ කතා බස් කළ බවයි.

අපට කිරීමට සිදුව ඇත්තේ කුමක්ද, එය කිරීමට අපට සිදුවෙනවා, ට්‍රම්ප් පවසා සිටියේ එවැන්නකි.

කිම් ජොන් උන් සිය වචනයේ ස්ථාවරයට කැපවූ පුද්ගලයකු බැවින් ඉදිරියේදී කුමක් සිදුවනු ඇතිද යන්න දැන ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි