×

සවුදි ප්‍රහාරය තෙල් මිලට බලපෑමක් නෑ, ට්‍රම්ප් පවසයි

සවුදි ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් වෙළඳපලට සිදුවී ඇති බලපෑම ට්‍රම්ප් මහතා විසින් අවතක්සේරු කර ඇති අන්දම මෙමඟින් ගම්‍ය වේ.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය සඳු (16) දින ප්‍රකාශ කර සිටියේ සවුදි තෙල් කම්හල් වලට එල්ල කර ප්‍රහාර හමුවේ තෙල් මිලට විශාල බලපෑමක් සිදුවී නොමැති බවයි.

පසුගිය දින සිදුවූ අවාසනාවන්ත ඩ්‍රෝන ප්‍රහාරය හමුවේ සවුදි අරාබියේ තෙල් කම්හල් වලට හානි සිදුවූ අතර, එමඟින් ගෝලීය තෙල් සැපයුම් දාමයේ ප්‍රභල බලපෑමක් ඇති කිරීමට සමත් විය.  

කෙසේවෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ එමඟින් තෙල් මිල එතරම් ඉහළ ගොස් නොමැති බවයි. 

එම ප්‍රහාරය හමුවේ ගෝලීය තෙල් වෙළඳපලට සිදුවී ඇති බලපෑම ට්‍රම්ප් මහතා විසින් අවතක්සේරු කර ඇති අන්දම මෙමඟින් ගම්‍ය වේ. 

ට්‍රම්ප් පවසා සිටියේ එක්සත් ජනපදයට හා අනෙකුත් රට වලට වැඩි සැපයුමක් මුදා හැරීමෙන් මෙම මිළ ඉහළ යාම පියවා ගත හැකි බවය. 

“තෙල් මිල එතරම් ඉහළ ගොස් නැහැ. උපායමාර්ගික තෙල් සංචිත අප සතුයි. ඒවා අති විශාලයි. අපට එයින් ප්‍රමාණයක් නිදහස් කළ හැකියි. අනෙත් රටවලටත් එය කළ හැකියි” ට්‍රම්ප් පවසා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි