×

තමාට එරෙහි දෝෂාභියෝගය සෙනට් සභාව තුළ විභාගයට ගන්නා මෙන් ට්‍රම්ප් ඉල්ලයි!

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මුල්ම වරට ප්‍රකාශයට පත්කරන ලද්දේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය විසිනි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට එරෙහි ගොනුකළ දෝෂාභියෝගය විභාගයට ගැනීම එක්සත් ජනපද සෙනට් සභාව තුළ පවත්වන මෙන්ද, එම නඩු විභාගය තුළ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩන් මහතා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටිනු දැකීමට අපේක්ෂාවෙන් ට්‍රම්ප් මහතා පසුවන බවද ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. 

ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශකවරයකු ඊයේ (21) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එකී නඩු විභාගය සෙනට් සභාව තුළ පැවත්වීමෙන් නිසි සාධාරණ ක්‍රියාදාමයක් තුළ ඉදිරියට ගෙන යා හැකි බවයි. 

ඒ අනුව සෙනට් සභාව තුළ වඩාත් සාධාරණ හා ව්‍යවස්ථානුකූලව නිසි ක්‍රියාදාමයක් තුළ නඩු විභාගය පැවැත්වෙනු ඇති බවට ට්‍රම්ප් මහතා විශ්වාස කරයි. 

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක හෝගන් ගිඩ්ලි ට අනුව, ඇඩම් ෂිෆ්, ජෝ බිඩන්, හන්ටර් බිඩන් සහ ඊනියා බුද්ධි තොරතුරු සැපයුම්කරු වැනි සත්‍ය වශයෙන්ම සාක්ෂි දැරූ සහ දූෂණයට සම්බන්ධ වූ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් වනු දැකීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලාපොරොත්තුවෙන් සිටියි. 

පසුගිය කලක සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන් මහතා ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කඩාකප්පල් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යුක්‍රේන ජනපති ගෙන් සහය පැතූ බවට තොරතුරු සැලවීමත් සමඟ රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ අතර, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ට විරුද්ධව දෝෂාභියෝගයක් ද ගෙන ඒමට කටයුතු කරන ලදී. මෙකී දෝෂාභියෝගයට අදාල විමර්ශන කටයුතු සිදුකරන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බුද්ධි තොරතුරු පිළිබඳ පත්කරන ලද කමිටුවක් විසිනි. එම බුද්ධි තොරතුරු කමිටුවේ සභාපතිධූරය දරන්නේ ඇඩම් ෂිෆ් මහතා විසින් වන අතර, මේ පිළිබඳ රහසිගත බුද්ධි තොරතුරු සපයන්නකු (whistleblower) සම්බන්ධ කොට ගනිමින් ෂිෆ් මහතා සාවද්‍ය ප්‍රකාශ රාශියක් සිදුකොට ඇති බවට චෝදනා කරමින් පසුගිය කාලවකවානුව තුළ ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහුට විවිධ අන්දමේ මඩ ප්‍රහාර දියත් කළ අන්දමක් ද දක්නට ලැබිණි.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මුල්ම වරට ප්‍රකාශයට පත්කරන ලද්දේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි