×

ට්‍රම්ප් හොංකොං ගැටුම් සම්බන්ධව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පනතකට අත්සන් කරයි!

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතාකරුවන්ට සහාය දෙමින් නීත්‍යානුකූල පනතකට අත්සන් තබා තිබේ.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතාකරුවන්ට සහාය දෙමින් නීත්‍යානුකූල පනතකට අත්සන් තබා තිබේ. මෙම මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පනත මගින් එක්සත් ජනපදය සමඟ ඇති විශේෂ තත්ත්වය සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් ස්වාධීනත්වයක් හොංකොං සතුව තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා වාර්ෂික සමාලෝචනයක් ඉදිරිපත් කරන මෙන් ට්‍රම්ප් ඉල්ලා සිට ඇත.

ට්‍රම්ප් කියා සිටියේ තමන් නීතියට අත්සන් කළේ “ජනාධිපති ෂී [ජින්පින්] ට හා චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස”බවයි.

නමුත් චීනයේ විදේශ අමාත්‍යංශය මේ පනත පිලිබදව එක්සත් ජනපදයට “නපුරු චේතනා” ඇති බවට චෝදනා කරමින් චීනය ඒ වෙනුවෙන් දැඩි ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එක්සත් ජනපද තීරණය බරපතල මැදිහත්වීමක් බවත් එය අසාර්ථක වනු ඇති බවත් ඔවුන් සදහන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි