×

මැදපෙරදිග තත්ත්වය පිළිබඳ ට්‍රම්ප් හා නේටෝ සංවිධනය අතර සාකච්ඡා!

නේටෝ සංවිධානය අයිඑස්අයිඑස් මර්දනය කිරීමේ ගෝලීය එකමුතුවේ (Global Coalition to Defeat ISIS) සාමාජිකයෙකි.


සොලෙයිමානි ගේ ඝාතනයත් සමඟ හටගත ඇමරිකානු ඉරාන අරගලය මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට සමත් ව තිබේ.

මේ තත්ත්වය ඇති කිරීමට සමත් වූ දෙපාර්ශවය පිළිබඳ විවිධ මතවාද දැන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ හටගෙන තිබේ.

ඇතැමුන්ගේ විග්‍රහය මෙය තෙවන ලෝක යුද්ධයට මුළ පුරනු ඇති බවයි.

මේ වන විට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැදපෙරදිග හටගෙන ඇති තත්ත්වය පිළිබඳ නේටෝ සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

නෙටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සමඟ මෙම සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය තුළ නේටෝ සංවිධානය විශාල මෙහෙවරක් සිදුකළ යුතු බවට අවධාරණය වී ඇත.

ඇමරිකානු ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, මැදපෙරදිග සාමාකාමී වාතාවරණය පවත්වා ගැනීමට නේටෝ සංවිධානය මැදිහත් විය යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව නේටෝ සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා කටයුතු කරනු ඇති බවට එකඟ වී තිබේ.

නෝර්ත් ඇට්ලාන්ටික් ට්‍රීටි ඕර්ගනයිසේෂන් නොහොත් නේටෝ සංවිධානය අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ඇතුළු අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීමට මහත් රුකුලක් ලබා දුන් බවට මෙහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ හමුදා පුහුණුවීම් සඳහා ද දායකත්වය ලබා දුන් බවට සිහිපත් කොට තිබේ.

ඒ අනුව මතුව ඇති තත්ත්වය තුළ මැද පෙරදිග උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමට නේටෝ සංවිධානය මැදිහත් විය යුතු බව දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.

නේටෝ සංවිධානය අයිඑස්අයිඑස් මර්දනය කිරීමේ ගෝලීය එකමුතුවේ (Global Coalition to Defeat ISIS) සාමාජිකයෙකි.

මීට ඉහත දී ජනපති ට්‍රම්ප් තමා මේ පිළිබඳව නේටෝ සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, ඇමරිකානු – ඉරාන ගැටුම ඉන්දියන් සාගරය තුළ ද ක්‍රියාත්මක වන්නේ නම් මෙහි දරුණු බලපෑමක් ශ්‍රී ලංකාවට ඇති වීමට ඉඩ තිබේ.

ඒ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින ඇතැම් ගිවිසුම් හේතුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි