×

ට්‍රම්ප් ට කොරෝනා නෑලු!

පසු ගිය දිනක ඇමරිකානු ජනාධිපතිවරයා කොරෝනා වෛරස ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් දෙදෙනෙකු හමුවූ පුවතක් වාර්තා වී තිබිණි.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වෛරස ආසාදනයට ලක්ව නොමැති බවට ධවල මන්දිරය විසින් ප්‍රකාශ කොට තිබේ.

පසු ගිය දිනක ඇමරිකානු ජනාධිපතිවරයා කොරෝනා වෛරස ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් දෙදෙනෙකු හමුවූ පුවතක් වාර්තා වී තිබිණි.

ඒ සමඟ ඔහුට ද වෛරසය ආසාදනය වීමේ අවදානමක් පැවති බවත්, ඇතැම් මාධ්‍ය වලින් ඔහුට වෛරසය වැළඳී ඇති බවත් එය මාධ්‍යයට හෙලිදරව් කිරීමෙන් වැළකී සිටින බවටත් ප්‍රචාර පැතිර ගියේය.

කෙසේ වෙතත් අවදානම පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට පසුගිය සිකුරාදා (13) දින ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ. ඒ අනුව තමාට වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වූ බව අද දින නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික මාර්-අ-ඉයාගෝ සමඟ රාත්‍රී භෝජනයට සම්බන්ධ වී සතියක කාලයකින් පසුව ජනාධිපතිතුමා රෝග ලක්ෂණ පෙන්වා නොමැත. රෝග පාලන මධ්‍යස්ථානය හා ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධන බලකාය සමඟ දෛනික වශයෙන් සබඳතා පවත්වා ගත්තෙමි, ඒ අනුව රෝග මර්දනයට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගැනීම සඳහා උනන්දු වනු ඇත.

රජයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ග්‍රිෂම් ප්‍රකාශ කර සිටියාය.

One week after having dinner with the Brazilian delegation in Mar-a-Lago, the President remains symptom-free. I have been in daily contact with the CDC and White House Coronavirus Task Force, and we are encouraging the implementation of all their best practices for exposure reduction and transmission mitigation.

මීට අමතරව ට්‍රම්ප් මහතා ඊයේ (14) දින සඳහන් කර සිටියේ ධවල මන්දිරයට ඇතුළු වීමට ප්‍රථම සිය උෂ්ණත්වය පරීක්ෂා කරවා ගත් බවත්, එය සාමාන්‍ය තත්වයේ පවතින බවත් ය.

මීට ඉහත දී ඔහු COVID-19 ට අදාල රෝග ලක්ෂණ පෙන්වීමක් සිදුනොකරන බවට ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රකාශ කර සිටියේය.

වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ කෙදින දැයි මාධ්‍යවේදීන් විමසා සිටි විට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය පරීක්ෂා තහවුරු කිරීම සඳහා දින දෙකක් පමණ ගත වනු ඇති බවත්, තමා මේ පරීක්ෂණය සඳහා යොමුවූයේ මාධ්‍ය පිස්සු නටන්නට පටන් ගත් නිසා බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි