×

හාරදහසක් ඇමරිකානු භටයින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවතට!

ඇෆ්ගනිස්ථානයේ යොදා සිටින ඇමරිකානු භටයින් 4000ක් ඉවත් කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලන ඒකකය පියවර ගෙන තිබේ.


ඇෆ්ගනිස්ථානයේ යොදා සිටින ඇමරිකානු භටයින් 4000ක් ඉවත් කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලන ඒකකය පියවර ගෙන තිබේ.

මඟ ඇණ හිට තිබූ ඇමරිකානු – තලෙයිබාන් සාම සාකච්ඡා පසුගිය සතියේ නැවත ආරම්භ වූ බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ ප්‍රචණ්ඩත්වය අවම කිරීම හෝ සටන් විරාමයකට එළඹීමේ අරමුණු පෙර දැරි කරගෙන ය.

කෙසේවෙතත්, මෙකී සාකච්ඡා වොෂිංටනය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින තාවකාලිකව විරාමයකට ලක්කරන ලදී. ඒ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට උතුරින් පිහිටා තිබූ ප්‍රධාන ඇමරිකානු ගුවන් කඳවුරක් අසල ත්‍රස්ත කල්ලීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හමුවේ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව බොහෝ දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමත් සමඟ ය.

මේ වන විට 13,000 පමණ ඇමරිකානු භටයින් ඇෆ්ගනිස්ථානයේ සේවයේ යොදවා ඇති අතර, මතුව ඇති තත්ත්වය මත එම සංඛ්‍යාව පහත වැටෙමින් පවතී.

මීට අමතරව පසුගිය මාසයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇෆ්ගනිස්ථානය තුළ යොදවා ඇති ඇමරිකානු භටයින් 8,600 පමණ ඉවත් කර ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි