×

‘‘බොරිස්, අපි දැවැන්ත ඩීල් එකක් දාමු!“ – ට්‍රම්ප් බොරිස්ට සුබ පතයි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමෙන් පසුව ට්විටර් හරහා ඔහුට දැවැන්ත සුබ පැතුමක් එක්කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතක කළේ නැත.


‘‘බොරිස් ජොන්සන්ගේ විශිෂ්ට ජයග්‍රහණයට සුබ පැතුම්! බ්‍රිතාන්‍යය සහ ඇමරිකාවට දැන් නිදහසේ දැවැන්ත වෙළඳ ඩීල් එකක් දමන්න පුළුවනි.‘‘ යැයි එයින් අදහස් වේ.

එයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පළ කර තිබූ ට්විටර් සටහනකින් ද ඔහු බොරිස් ජොන්සන්ගේ විජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බව දැක්විණි.

බොරිස් ජොන්සන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී මතයන් අතින් බොහෝ දුරට සමාන අතර, බොහෝ අය බොරිස් ජොන්සන්ව හඳුන්වන්නේ ‘එංගලන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප්‘ යනුවෙනි.

ලේබර් පක්ෂයේ ආසන සංඛ්‍යාව 225 ඉක්මවා නොයන පසුබිමක් තුළ ආසන 360කට ආසන්න සංඛ්‍යාවක් හෝ ඊට වැඩියෙන් වාර්තා කිරීමට කන්සවේටිව් පක්ෂය නිසැක වශයෙන්ම සමත් වනු ඇති.

බ්‍රෙක්සිට් ඩීල් එක ප්‍රකාරව මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට සමගාමීව රටේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ විශාල වෙනසක්ද මේ අනුව ඉදිරියේදී අපේක්ෂා කිරීමට සිදු වේ. බොරිස් ජොන්සන් ද ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම විදේශිකයන් නුරුස්සන, සංක්‍රමණිකයන්ට සිය රට තුළ අවස්ථාවන් ලබාදීමට අකමැති අයෙක් බව ඉතා ප්‍රකට කරුණකි.

මේ වන විට බොරිස් ජොන්සන් සිය ජයග්‍රහණය සමරමින් සිටියි. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඔහු සිය පක්ෂයේ ජයග්‍රහණය සහතික බව දැනගැනීමෙන් අනතුරුව තම සහකාරිය වන කේරි සිමන්ඩ්ස් සමග සිටින ආකාරයයි.

 

Boris Johnson and his partner Carrie Symonds arrive at the election count in his Uxbridge constituency in suburban London AFP

Boris Johnson and his partner Carrie Symonds arrive at the election count in his Uxbridge constituency in suburban London AFP

පෙර ලිපිය – බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බොරිස් ජොන්සන් හට විශිෂ්ට ජයක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි