×

ආණ්ඩුව වහනවා – හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තාප්පය හදනවා – ට්‍රම්ප් කියයි

මෙක්සිකානු දේශසීමාවේ ආරක්ෂිත තාප්පය ඉදිකිරීම සඳහා කොංග්‍රස් අනුමැතිය සහ මුදල් ප්‍රතිපාදන නොලැබන නිසා, දැනට ඇමරිකාවේ පවතින ෆෙඩරල් ආණ්ඩුව අක්‍රිය වීම තුළ හදිසි තත්වයක් රට තුළ ප්‍රකාශයට පත්කර තාප්පය ඉදිකරන බව ට්‍රම්ප් පැවසුවේය.


එම තාප්පය ඉදිකිරීම සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබාදෙන තෙක් කිසිදු පනත් කෙටුම්පතක් අනුමත කිරීම සඳහා අත්සන නොයොදන බව ද ඔහු තවදුරටත් පවසයි.

එසේම ඔහු තවදුරටත් පවසන්නේ අවශ්‍ය නම්, වසර කිහිපයකට වුවත් ඇමරිකාවේ ෆෙඩරල් ආණ්ඩුව අක්‍රිය තත්වයෙන්ම තබා ගැනීමට පැකිළෙන්නේ නැති බවයි. ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ‘‘එහෙම වෙයි කියා මම හිතන්නෙ නෑ. ඒත් මම ඒකටත් සූදානම්..‘‘

ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ තමන් කරමින් සිටිනා දෙය ගැන තමන් ඉතාම ආඩම්බර වන බවයි.

මේ වන විට ෆෙඩරල් ආණ්ඩුවේ අක්‍රිය වීම සිදුවී සති 3 කි. මෙය, ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකානු මධ්‍යම රජය අක්‍රිය වූ 3 වන අවස්ථාව ද වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඇමරිකාවේ මධ්‍යම රජයේ මුදල්වලින් පාලනය වන බොහෝ කටයුතු අක්‍රිය වී තිබේ. ෆෙඩරල් සේවකයන් අට ලක්ෂයක් දෙනාට (800,000)ට දෙසැම්බර් 22 දා පටන් කිසිදු වේතනයක් ලබා දී නැත.

කෙසේ නමුත් ඇමරිකානු කොංග්‍රසයේ නව කථානායිකාව බවට තේරී පත්වූ ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි, ට්‍රම්ප්ගේ අත්තනෝමතික මතයට කිසිදු සහායක් නොදක්වන බව පවසා තිබේ.

කවරයේ ඡායාරූපය : Kaler Kantho

පෙර ලිපිය
ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන ධවල මන්දිරයේ කතා කරන පින්තූර



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි