×

සුභ උපන්දිනයක් කිම් – ගිනි පුපුරු මැද ට්‍රම්ප් ගෙන් උතුරු කොරියාවට සුභපැතුම්

ට්‍රම්ප් හා කිම් ජොන් උන් පෞද්ගලික මිතුරන් බැවින් ඔහුගේ උපන්දිනයට සුභ පැතීමට ට්‍රම්ප් අමතක නොකර තිබේ.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ උපන්දිනයට සුභ පැතුම් එක්කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පණිවුඩයක් නිකුත් කොට තිබේ.

උතුරු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අළු යට ගිනි පවතින බවට නොරහසකි.

න්‍යෂ්ටිකකරණය පිළිබඳ උතුරු කොරියාව දරන ආකල්ප හමුවේ ආතතිකාරී ස්වභාවයක් මතුව තිබේ.

එහෙත් ට්‍රම්ප් හා කිම් ජොන් උන් පෞද්ගලික මිතුරන් බැවින් ඔහුගේ උපන්දිනයට සුභ පැතීමට ට්‍රම්ප් අමතක නොකර තිබේ.

කෙසේවෙතත්, න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තා නොවේ.

නායකයින් අතර පෞද්ගලික සබඳතා හොඳ මට්ටමින් පැවතියද, එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ශක්තිමත් කිරීමට ප්‍රවේශ මාර්ගයක් නොවන බව මින් පෙනී යයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි