×

ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර!

වෙළඳපල ආර්ථිකයේ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටි.


සටහන: දිනූෂි ධීරසිංහ
පෙබරවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය සමග ද්වි-මාර්ග ආයෝජන තවදුරටත් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර, ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සකස් කරන බව නිවේදනය කරමින්, ඇමරිකාව පසුගිය 21වැනිදා “පළමුව ඇමරිකාව” නමැති ආයෝජන ප්‍රතිපත්ති සංදේශයක් නිකුත් කළේය.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව අද (24) මේ සම්බන්ධයෙන් චීනයේ අදහස ප්‍රකාශ කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අනිසි ලෙස නැවත නැවතත් පුළුල් කොට දෙරට ආර්ථික හා වෙළඳ හුවමාරුවලට අඛණ්ඩව බාධා කිරීම සම්බන්ධයෙන් චීන ව්‍යාපාරික ප්‍රජාව දැඩි විරෝධය පළ කරන බවයි එහිදී සඳහන් වුණේ.

වෙළඳපල ආර්ථිකයේ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය. දෙරට ව්‍යාපාරික ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ජාතික ආරක්ෂක සීමාවන් පැහැදිලි කරන ලෙසත්, චීනය සහ ඇමරිකාව අතර ද්වි-මාර්ග ආයෝජන සඳහා ඇති සීමාවන් අවලංගු කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව සඳහන් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි