×

පුංචි ග්‍රේටාගෙන් ට්‍රම්ප්ට සීතල අතුල් පහරක්!

පසුගිය බ්‍රහස්පතින්දා, 16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස කිරුළු පැළඳීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව ධෛර්‍යමත් කළේ වෙනස්ම ආකාරයකට;


පසුගිය බ්‍රහස්පතින්දා, 16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස කිරුළු පැළඳීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව ධෛර්‍යමත් කළේ වෙනස්ම ආකාරයකට; ඔහුගේ ට්වීටර් පණිවුඩයේ දක්වුණේ, “So ridiculous. Greta must work on her Anger Management problem, then go to a good old fashioned movie with a friend! Chill Greta, Chill!”බවයි. ඔටිසම් රෝගී යෞවනියක වන වන තන්බර්ග් ඇගේ “කෝප කළමනාකරණ ගැටලුව” පිළිබඳව සැලකිලිමත් වීමට අවශ්‍ය බයි ඔහු සදහන් කර තිබුණේ.

බොහෝ විචාරකයන් ට්‍රම්පේ මෙම හැසිරීම විවේචනය කර තිබූ අතර මෙරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂයේ අර්ථ දැක්වීම අනුව හිරිහැර කරන්නෙකු- bully යනු  : විශේෂයෙන් ම්ලේච්ඡ, නපුරු පුද්ගලයෙක්, විශේෂයෙන්: පුරුද්දක් ලෙස කුරිරු ලෙස අපහාස කරන හෝ දුර්වල, කුඩා හෝ යම් ආකාරයකින් අවදානමට ලක්විය හැකි අන් අයට තර්ජනය කරන පුද්ගලයෙක්. ට්‍රම්ප් හැසිරි තුබුණේද මින් කියවෙන bully කෙනෙක් ලෙසය.

සමහර විට එය ඊර්ෂ්‍යාව නිසා වන්නට හැකිය. තන්බර්ග් බාල වයස්කරුවෙකුව සිටියදී තමාටම ආවරණයක් උපයාගෙන ඇත – එය ඇය උපයාගෙන ඇතේ අව්‍යාජත්වයෙනි, ලෝකය කෙරෙහි ඇති ආදරය නිසාවෙනි.

ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් ගේ මේ වහසි බස් පිලිබදව තන්බර්ග්ට කිසිදු ගාණක් වත් නොමැත. පසුගිය සැප්තැම්බරයේදී ද ට්‍රම්ප්, ග්‍රේටා එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුවේදී කළ ප්‍රශංසනීය කථාව පිලිබදවද ඇයට සමච්චල් කළේය. ඇය කෙතරම් සන්තෝෂයෙන් සිටිනවාද යන්න ගැන ඔහු උපහාසාත්මක විහිළුවක් කළේය – ඇගේ සිහින හා ඇගේ ළමා කාලය සොරකම් කිරීම ගැන කතා කළ කථාව ඇයගේ ජීවිතයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ බව යෝජනා කළේය.

මේ කිසිවකට ග්‍රේටාව සෙලවීමට හැකියාව නොලැබුණු බව පෙන්වමින් ඇය ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩය ඇයගේ ට්වීටර් ගිණුමේ බයෝවේ සටහන් කළාය. “A teenager working on her anger management problem. Currently chilling and watching a good old fashioned movie with a friend.” “හොඳ පරණ තාලයේ චිත්‍රපටයක් තම මිතුරියක සමග රසවිදිමින්, තරහා කලමනාකරනය වෙනුවෙන් කටයුතු කරන යෞවනියක්”.

පුංචි ග්‍රේටාගේ මේ සීතල අතුල් පහර මුළු ලොවටම පාඩමකි!


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි