×

ට්‍රම්ප් ගේ G7 හා වෙළඳ කටයුතු උපදේශිකා ඉවතට

ඈ නික්ම ගියේ පරිපාලනයේ අක්‍රමිකතා නිසාද...?


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලන ඒකකයේ සේවය කළ සප්ත රාජ්‍ය (G7) කටයුතු හා වෙළඳ කටයුතු පිළිබඳ උපදේශිකා කෙලී ඈන් ෂෝ පෞද්ගලික අංශයේ රැකියාවක් පතා ධවල මන්දිරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

ෂෝ ඇමරිකානු ධවල මන්දිරයේ හා ට්‍රම්ප් පරිපාලන ඒකකයේ ආර්ථික කටයුතු සම්බන්ධ සේවය කළ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක් බවට පැවසේ.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදුවන ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපතිගේ හිටපු නියෝජ්‍ය සහකාර සහ ජාතික ආර්ථික කවුන්සිලයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්ලීට් විලම්ස්ගෙන් පසු ෂෝ මහත්මිය මෙම ධූරය හෙබවීමට මෙම වසර මුලදී පැමිණියාය. ඈ ඉල්ලා අස්ව තිබෙන්නේ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීම සඳහා බව ධවල මන්දිරයේ නිලධාරීහු පවසති.

කෙසේවෙතත් ඈගේ ඉල්ලා අස්වීම විවිධ මාධ්‍ය හා ප්‍රජාවන් අතර කතාබහට ලක්ව තිබේ. ට්‍රම්ප් පරිපාලන ඒකකය ගතවූ වසර කිහිපය තුළ කටයුතු කර ඇති අන්දම, ආර්ථික හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගොනුවී ඇති විවිධ අක්‍රමිකතා චෝදනා හා ඉදිරි G7 සමුළුව මෙහෙයවීමේදී ට්‍රම්ප් මහතා කටයුතු කර තිබූ අන්දම ආදී විවිධ අර්තකථන ඔස්සේ ඈගේ ඉල්ලා අස්වීම විග්‍රහ කිරීමට මිනිසුන් පෙළඹ තිබේ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි