×

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු කැඳවීමට ධවල මන්දිර නියෝජනයක් නෑ?

මෙම ලිපිය නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුවේ සභාපතිවරයා වෙත යොමු කර ඇත.


පසුගිය ඉරු (01) දින ඇමරිකා එක්සත් ජනපද ධවල මන්දිරය ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ එළඹෙන බදාදා දින පැවැත්වීමට නියමිත් දෝෂාභියෝග නඩු කැඳවීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ නියෝජිතයකු නොපැමිණෙන බවයි.

මෙම ලිපිය නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුවේ සභාපතිවරයා හට යොමු කර ඇත.

ජනාධිපති නීතීඥ පැට් සිපොලොන් එම ලිපිය තුළින් අධිකරණ කමිටුවට දැනුම් දී ඇත්තේ නඩුවට අදාල සාක්ෂිකරුවන් නිසි පරිදි නම් කළ නොමැති මොහොතක ට්‍රම්ප් කණ්ඩායමට සාධාරණ ලෙස නඩු විභාගයට පෙනී සිටීමට හැක්කේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, අතිරේක නඩු විභාග මගින් අධිකරණ කමිටුව විසින් ජනාධිපතිවරයාට සාධාරණ ක්‍රියාවලියක් ලබා දෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නොමැති බැවින් අදාල දිනයට පෙනී නොසිටින බවත් ය.

සිකුරාදා වන විට දෙවන නඩු විභාගය සම්බන්ධයෙන් ධවල මන්දිරය වෙනම ප්‍රතිචාර දක්වන බව සිපොලෝන් සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි