×

නැවතත් තායිවාන ජනපති පටුවට ආ චීනයට භය නැති ගැහැණිය ට්සයි ඉන්ග් වෙන්

"සාමය යනු චීනය තායිවානයට එරෙහි බල තර්ජන අතහැර දැමීමයි."


පසුගිය සෙනසුරාදා තායිවානයේ පැවති ජනපතිවරණයේදී හිටු ජනපතිනිය ට්සායි ඉන්ග් වෙන් දෙවන වතාවටත් සිය ධූරය තහවුරු කරගන්නා ලදී. ඒ සියයට 57.1ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

මිලියන 5.52ක් වූ ඡන්ද සංඛවක් එනම් 38.6%ක ප්‍රතිශතයක් ලබා ගත් ඇගේ ප්‍රතිවාදියා වූ කූඕ යූට වඩා ට්සායි ඉන්ග් වෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 8.7ක් වේ.

දැවැන්ත තරගතාරීත්වයක් සහිත මැතිවරණ ප්‍රචාරණ වඩසටහන් කණනාවකින් පසු දෙපක්ෂයම මෙම ප්‍රථිපලය ලබා ගෙන ඇත.

ජයග්‍රහණයෙන් පසුව සිය ජනතාව ඇමතූ ට්සායි ඉන්ගි වෙන් පැවසුවේ ” ” ඡන්දය දුන් ආකාරය නොසලකා අද ඡන්දය දුන් සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙමි. සෑම ජනාධිපතිවරණයක් සමඟම ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව අප කොතරම් අගය කරනවාද සහ ජනතාවගේ වටිනාකම තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් කොතරම් අගය කරනවාද යන්න ලොවට පෙන්වීමට මට අවශ්‍යයයි.. ” යනුවෙනි.

චීනය දැන් එම තර්ජනය අතහැර දැමිය යුතු බව ට්සායි ඉන්ග් වෙන් පැවසුවාය.

“සාමය යනු චීනය තායිවානයට එරෙහි බල තර්ජන අතහැර දැමීමයි.”

“ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය තර්ජන හා බිය ගැන්වීම්වලට එකඟ නොවන බව බීජිං බලධාරීන් තේරුම් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”
ඇය තායිපේ අගනුවරදී පැවසුවාය.

1949 චීන සිවිල් යුද්ධය අවසන් වූ දා සිට තායිවාන භූමියේ අයිතිය ,ස්වෛරීභාවය සඳහා චීනය බල කරමින් සිටී. අවශ්‍ය නම් තායිවානය සිය යටතට පවරා ගැනීමට කටයුතු කරනු ඇති බවට චීනය විසින් බලපෑම් කර ඇත. ප්‍රායෝගික අරමුණු සඳහා තායිවානය අද වන විට ස්වාධීන රාජ්‍යයකි. එයට තමන්ගේම තේරී පත් වූ රජයක්, ව්‍යවස්ථාවක් සහ ආරක්ෂක බලයක් ඇත.

එහෙත් තායිවානය ස්වෛරී ජාතියක් ලෙස පිළිගන්නා ඕනෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම චීනය ප්‍රතික්ෂේප කරමින් සිටියි.

ඒ අනුව රටවල් අතළොස්සක් හැර අන් සියල්ලම චීනය තෝරාගෙන ඇති නමුත් බොහෝ දෙනා වෙළඳ ප්‍රතිපත්තීන් තුළ තායිවානය සමඟ නොපැහැදිලි සම්බන්ධතාවයක් පවත්වාගෙන යති. එක්සත් ජනපදය තායිවානයට තම ආරක්ෂාව සඳහා සහයෝගය ලබා දීමේ නීත්‍යානුකූල ගිවිසුමට පසු ගියදා එකග විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි