×

තායිවාන ජනාධිපතිනි සයි ඉන්ග්-වෙන් දෙවන වරටත් ජනපති ධූරයට!

තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන් පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් දෙවන වරටත් තායිවාන ජනාධිපතිනිය ලෙස තේරී පත් විය.


තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන් පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් දෙවන වරටත් තායිවාන ජනාධිපතිනිය ලෙස තේරී පත් විය.

සයි මහත්මිය 57% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන වාර්තාගත ඡන්ද මිලියන 8.2ක් සහිතව සිය ප්‍රතිවාදියා වන හැන් කුඕ-යූ පරාජයට පත් කර ඇත.

චීනය සමඟ සමීප සබඳතාවලට සයි මහත්මිය විරුද්ධ වන අතර හැන් මහතා යෝජනා කරන්නේ එවා තායිවානයට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන බවයි.

සිය ජයග්‍රහණයෙන් පසුව කළ කථාවෙන් සායි මහත්මිය චීනයට කියා සිටියේ බලහත්කාරයෙන් දිවයින ආපසු ලබා ගැනීමේ තර්ජනය අත්හරින ලෙසයි. සයි මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ “තායිවානයයේ අප නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව කෙතරම් අගය කරනවාද, සහ අපි අපගේ ජාතිය කෙතරම් අගය කරනවාද යන්න ලොවට පෙන්වන රාජ්‍යක්.” බවයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි