BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Update: ටොන්ගා රජු සුනාමියෙන් දිවි බේරාගනියි – කොදෙව්වට බරපතළ හානි නැහැ

ඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම කිව නොහැකියි.

මරණ කිසිවක් මේ දක්වා වාර්තා වී නැහැ.

ඊයේ ඇති වූ සුනාමි තත්වයෙන් ටොන්ගා ප්‍රධාන දූපතේ පහත් බිම් කලාප සුනාමි රළ පහර විසින් යට කර දමා තිබුණා.

ටොන්ගා රජ මාළිගය ද ජලයෙන් යට වූ බව සඳහන්.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ රජු ගළවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබුණු අතර, පොලිසිය සහ හමුදාව එක්ව ඔහුව මටා කි එයුවා හි පිහිටා තිබෙන මන්දිරයක් වෙත රැගෙන ගිය බව ද වාර්තා වෙනවා.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ

ටොන්ගාවට ආසන්නයෙන් පිහිටා තිබෙන නවසීලන්තය ඩොලර් 340,000 ක සහනාධාර මේ වන විට ටොන්ගා වෙත යවා තිබෙනවා. නවසීලන්ත ආරක්ෂක බලකාය ද දූපතේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කිරීම සඳහා යොදවා තිබෙනවා.

නමුත් සමුද්‍රීය භූ චලනයේ පසු කම්පන සහ පසු පිපිරීම් ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් බැහැ.

ටොන්ගා දූපත් දකුණු පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන ස්වාධීන රාජාණ්ඩුවක්. ‘ටොන්ගා රාජධානිය’ ලෙස මෙය නිල වශයෙන් හැඳින්වෙනවා. දූපත් 169 කින් සමන්විත ටොන්ගාවේ මිනිසුන් ජීවත් වන්නේ දූපත් 36 ක පමණයි. ‌මේ කොදෙව්වේ ජීවත් වන මිනිසුන්ගෙන් 97%ක් ටොන්ගා ස්වදේශිකයන්.

 

 


හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

error: Content is protected !!
error: Content is protected !!