×

ටියුනිසියාවේ රාජ්‍ය ආයතන වල නිකාබය පැළඳීම තහනම් කෙරේ!

ටියුනිසියානු අගමැති යුසෙෆ් චහෙඩ් ආරක්ෂක හේතූන් මත නිකාබය, හෙවත් සම්පූර්ණ මුව ආවරණ ඇඳුම, රාජ්‍ය ආයතන තුළ පැළඳීම තහනම් කරයි.


ටියුනිසියානු අගමැති යුසෙෆ් චහෙඩ් ආරක්ෂක හේතූන් මත නියෝගයක් නිකුත් කරමින් නිකාබය, හෙවත් සම්පූර්ණ මුව ආවරණ ඇඳුම, රාජ්‍ය ආයතන තුළ පැළඳීම තහනම් කරන ලද බවට වාර්තා වේ. 

පසුගිය අඟහරුවාදා (02) දින ටියුනිසියානු බලධාරීන් විසින් බොහෝ කළක පටන් සොයමින් සිටි නමගිය මරාගෙන මැරෙන බෝම්බකරුවකු ටියුනිස් ප්‍රදේශයේදී පුපුරවා ගැනීමත් සමඟ එරට රජය මෙම තීරණය ගෙන ඇත.

සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ඔහු තම බෝම්බය පුපුරවා ගන්නා මොහොතේ නිකාබයක් පැළඳ සිටි බවයි. 

කෙසේවෙතත්, එරට අභ්‍යන්තර කටයුතු ඇමති මෙම කතාව ප්‍රතික්ෂේප කර සිටියි.  

වාර්තා වන අන්දමට, ටියුනිසියාව තුළ සතියක තරම් කෙටි කාලයක් තුළ මෙවන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු පුපුරවා ගත් තෙවන අවස්ථාව මෙය වෙයි. මේ වන විට එරට සරත් සෘතුව එළෙඹෙමින් පවතිත අතර, එම කාලසීමාව තුළ එරට සංචාරක කර්මාන්තය අතිශයින් ගහණ වන අතර, එළඹෙන සරත් මැතිවරණයට සූදානම් වීමට නියමිත ටියුනිසියාව මෙම බෝම්බ ප්‍රහාර හමුවේ ප්‍රභල ගැටළුවකට මුහුණ පා ඇත.

විද්වතුන් පෙන්වා දෙන අන්දමට, මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ටියුනිසියාවේ එළඹෙන සරත් මැතිවරණයට හා සංචාරක කර්මාන්තයට දැඩි අන්දමින් බලපානු ඇත.

අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රහාර තුනෙහිම වගකීම මේ වන විට භාර ගෙන ඇත.    

ඒ අනුව, එරට අගමැති චහෙඩ් විසින් නියෝගයක් නිකුත් කරමින් නිකාබ, හෝ මුහුණ ආවරණ ඇඳුම් පැළඳ, හා අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් රාජ්‍ය ආයතන වලට ඇතුල් වන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී ඇත.

ටියුනීසියාව යනු කලාපයේ පවතින රාජ්‍යයන් අතර ඉස්ලාම්වාදීන් සමඟ පාලනය බෙදාගන්නා එක් රාජ්‍යයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි