×

බොඳවෙන්නට ගිය කිරි සිහිනයක් පණ ලබයි

සතියකට පෙර හටගත් භූ කම්පනයයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි...


නොසිතූ මොහොතක සුවිසල් මන්දිර බිමට පතිතවෙද්දී මිනිස් ජීවිත මිය යනවා හැර වෙන දෙයක් සිතන්නටවත් ඉඩක් ඉතිරි නොවූ මොහොතක තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක මල් කැකුළක් බේරා ගැනීමට ඊයේ (12) මුදවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ පුවතක් අසන්නට ලැබුණි. එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමටත් හැකි විය.

එම බිළිදා සුන්බුන් අතරින් නිරුපද්‍රිත බේරා ගැනීමෙන් පසු, නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව ඉතා සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.එම වීඩියෝ දර්ශන ට්වීටර් ජාලය තුළ පමණක් මිලියන දෙකක පිරිසක් දර්ශනය නරඹා ඇත.

තුර්කිය සහ සිරියාව උඩුකුරු කළ මෙම කේදවාචකයෙන් මියගිය ගණන අද (13) 34000 ඉක්මවයි. මින් විශාලම හානිය සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 29605 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සතියකට පෙර හටගත් භූ කම්පනයයේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.

මෙහෙයුම් අතරින් දිවිබේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක ගැබිණියක, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්‍රකාශ කළ අතර සුන්බුන් අතරින් දිවි බේරා ගැනීමේ කටයුතු දිගින් දිගටම සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි