×

තුර්කි ජනාධිපතිවරණයේ දෙවන වටය හෙට

ඉස්තාන්බුල්හි සබන්සි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය බර්ක් එසන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ පවතින ආර්ථික අර්බුදය සහ භූමිකම්පාව අතරතුර සහ ඉන් පසුව ආන්ඩුවේ නොසැලකිලිමත්කම තිබියදීත්, එර්ඩෝගන් තවමත් සියයට 50 කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගැනීම විපක්ෂයේ ඡන්දදායකයින්ගේ බලාපොරොත්තු සුන් කරවන්නක් වන බවයි.


තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan නැවත වරක් ජනාධිපති ලෙස සිය ධූර කාලය වසර 5කින් දීර්ඝ කර ගැනීම වෙනුවෙන් මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන අතර බොහෝ දෙනා ඔහුගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටින බව ජාත්‍ය්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එර්ඩෝගන් 2014 සහ 2018 මැතිවරණ පළමු වටයේදී ජයග්‍රහණය කළ අතර පළමු ඡන්ද වටයේදී සිය අභියෝගකරුවන් දෙදෙනාටමවඩා ඉදිරියට පත් එර්ඩෝගන් 49.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. ඔහු දැන් දෙවන ස්ථානයට පත් අපේක්ෂකයෙකු වන විපක්ෂ නායක කෙමාල් කිලික්ඩරොග්ලුට එරෙහිව මුහුණ දෙමින් සිටියි.

කිලික්ඩරොග්ලු ප්‍රථම වටයේ සිට ඉදිරියෙන්ම සිටිනු ඇතැයි විශ්වාස කළ විාරකයන් මේ වන විට කනස්සලල්ට පත්ව ඇති අතර රටතුළ පවතින් ආර්ථික අර්බුදයක් හරහා තුර්කි ජාතිකයන් අරගල කරන විට සහ පෙබරවාරියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවලට මන්දගාමී ආරම්භක ප්‍රතිචාරයක් ලෙස ඔවුන් මෙවර ජනාධිපතිවරණය දැක තිබේ. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ ඡන්දදායකයන් මේ වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උද්යෝගයෙන් තොර බවයි.

ඉස්තාන්බුල්හි සබන්සි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය බර්ක් එසන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ පවතින ආර්ථික අර්බුදය සහ භූමිකම්පාව අතරතුර සහ ඉන් පසුව ආන්ඩුවේ නොසැලකිලිමත්කම තිබියදීත්, එර්ඩෝගන් තවමත් සියයට 50 කට ආසන්න ප්‍රතිශතයක් ලබා ගැනීම විපක්ෂයේ ඡන්දදායකයින්ගේ බලාපොරොත්තු සුන් කරවන්නක් වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි