×

පාපන්දු ශූරී Mesut Ozil ගේ දෙවන මනාලයා , තුර්කි ජනපති එඩොගාන්

මේ පිළිබදව ඔසිල්ගේ රට වූ ජර්මනිය තුළ විවිධ විවේචන එල්ල වුවද තුර්කි ජනපති වරයා ඊට කැමැත්ත පල කිරීමත් සමග ඔසිල් ගේ බලාපොරොත්තු ඉටු විය.


ජර්මන් පාපන්දු පිලනියෝජනය කරන සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක මෙසට් ඔසිල් පසුගියදා විවහා විය. ඔහුගේ දෙවන මනමාලයා වූයේ තුර්කියේ ජනපති රෙසිප් ටයීප් එඩොගන් ය.

ඔසිල් සහ ජනපති එඩොගන් අතර මෙතරම් සමීප සම්බන්ධතාවක් ඇතිවී ඇත්තේපසු ගිය පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට පෙර ඡායාරූපයක් සදහා සහභාගී වීමේදීය.
නමුත් ඔසිල් පසුව ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවට සමු දුන්නේද ” ජර්මනිය විසින් පල කල ජායාරූප වල වර්ගවාදය සහ අගෞරවය පවතින බව පවසමිනි.

30 හැවිරිදි ඔසිල් විවාහ වූයේ තුර්කියේ හිටපු රූ රැජින වන අමයින් ගුල්ස් ය. පසුගිය වසරේ ජූනිමාසයේ විවහා ගිවිසගත් ඔවුන් වසරකට පසු විවාහ වූ අතර පසුගිය මාර්තුවේදී තුර්කි ජනපති ට ඉල්ලීමක් සිදු කලේ තම විවහා දිනයේ සිය දෙවන මනමාලයා ලෙස සහභාගී වන ලෙසය. මේ පිළිබදව ඔසිල්ගේ රට වූ ජර්මනිය තුළ විවිධ විවේචන එල්ල වුවද තුර්කි ජනපති වරයා ඊට කැමැත්ත පල කිරීමත් සමග ඔසිල් ගේ බලාපොරොත්තු ඉටු විය.

This handout picture taken and released on May 13, 2018 and released on May 14, 2018 by the Turkish Presidential Press office shows Turkish President Recep Tayyip Erdogan(R) posing for a photo with German footballer of Turkish origin Mesut Ozil (L) in London. / AFP PHOTO / TURKISH PRESIDENTIAL PRESS SERVICE / KAYHAN OZER / RESTRICTED TO EDITORIAL USE – MANDATORY CREDIT “AFP PHOTO / TURKISH PRESIDENTIAL PRESS OFFICE / KAYHAN OZER” – NO MARKETING NO ADVERTISING CAMPAIGNS – DISTRIBUTED AS A SERVICE TO CLIENTS

ජර්මන් පාපන්දු ක්‍රීඩකයාගේ විවහා දිනයේ දෙවන මනමලායා වීම තමන්ට ගෞරවයක් යැයි පැවසූ තුර්කි ජනපති එඩොගාන් ඒ සදහා සහභාගී වූයේ ඉතාමත් කැමැත්තෙනි.
මේ පිළිබදව එල්ල වන විවිධ අදහස් පවසන්නේ ජනපති එඩෙගන් ඉදිරි ඡන්ද ව්‍යාපාර අරඹයා මෙවැනි දෑ සිදු කරන බවය.
තුර්කි සම්භවයක් ඇති ඔසිල් ජර්මන් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන අතර තුර අත් දකින්නට වූ සිදුවීම් කීපයක් හේතුවෙන් ජර්මන්කණ්ඩායම අත්හල අතර ඔහු පවසා තිබුණේ ජර්මනිය ජය ගන්නා විට පමණක් තමන් ජර්මන් ජාතිකයෙකු බවත් එසේ නොවන විට ඔවුන් තමන්ට විදේශිකයෙකු ලෙස සළකන බවත්ය.

කෙසේ හෝ වේවා තුර්කි ජනපතිවරයා සිය විවාහයේ ප්‍රධාන චරිතය් බවට පත් කළ ඔසිල් ජර්මනියට පෙන්වා ඇත්තේ තමන් ට තුර්කිය අත්හ නොහැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි