×

ලොව සියළු රාජ්‍යයන්ට න්‍යෂ්ටිකව බලවත් වීමට ඉඩ දිය යුතුයි! නැත්නම් සියල්ලෝම ඉන් බැහැර විය යුතුයි! – තුර්කි ජනපති

එමෙන්ම ඔහු මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සිරියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට හා එහි සාමය සුරැකීමට සහය වන ලෙසයි.


තුර්කියේ ජනපති රසෙප් ටයීප් එඩොගන් මෙවර එක්සත් ජාතීන්ගේ 74 වන සමුළුව අමතමින් ප්‍රකාශ කලේ ලෝකයේ සියළු රටවලට න්‍යෂ්ටික බලවතුන් වීමට අවස්ථාව සළසා දිය යුතු බවයි.

න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍යයන් අතර අසමානත්වය සහ ගෝලීය සමතුලිතතාව සුළු කොට නොතකන රාජ්‍ය්‍යන් වෙත ඔහු අවධාරණය කලේ ලෝකයේ රාජ්‍යයන් කිහිපයක් පමණක් න්‍යෂ්ටිකව බලවත් වීම අනෙකු රාජ්‍ය්‍යන්ට තර්ජනයක් වන බවයි. එබැවින් සියළු රාජ්‍ය්‍යන් න්‍යෂ්ටික අවිවලින් ඉවත් විය යුතු බව ඔහු පැවසීය.

තුර්කිය 1980 වසරේදී න්‍යෂ්ටික අවි සීමා කිරීමේ අන්තර්ජාතික ගිවිසුමට අත්සන් කරන ලදී. එමෙන්ම 1996 න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ප්‍රතිශේධන ගිවිසුමට අත්සන් කරමින් කිසියම් හෝ අපේක්ෂාවක් හේතුවෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීට සිය විරෝධය පල කරන ලදී.

එමෙන්ම ඔහු මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ සිරියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට හා එහි සාමය සුරැකීමට සහය වන ලෙසයි. මිලියන ගණනාවකගේ ජීවිත සුරක්ෂිත කිරීමට සිරියාවේ ඉඩ්ලිබ් නගරය ආරක්ෂි ත කලාපයක් කළ යුත් බවට ඔහු යෝජනා කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි