×

ජ්‍යෙෂ්ඨ IS නායකයකු තුර්කියේදී අත්අඩංගුවට!

ත්‍රස්ත කණ්ඩායමක නායකයකු පිළිබඳ තුර්කි රාජ්‍ය මාධ්‍ය සහ එරට ජනපතිවරයා පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරලා..


ඉස්ලාම් රාජ්‍ය (Islamic State) ජ්‍යෙෂ්ඨ නායකයකු වන බස්හාර් හතාබ් ඝසාල් අල් සුමයිදායි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට තුර්කි පොලීසිය සමත් වී තිබේ.

මෙසේ අල් සුමයිදායි නැමැත්තා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ තුර්කි අධිකරණයක් විසින් ඊයේ (09) දින නිකුත් කරන ලද නියෝගයක් මත ය.

තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම ජ්‍යෙෂ්ඨ IS නිලධාරියා අබු සයිඩ් නැමති කේතනාමයෙන් පෙනී සිට ඇති අතර, තුර්කි බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු මත ඉස්තාන්බුල් අගනුවර දී පොලීසිය විසින් දියත්කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉකුත් ජූලි මස නිකුත් කරන ලද වාර්තාවකට අනුව, අල් සුමයිදායි නැමැත්තා එම ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකි.

මොහු Islamic State of Iraq and the Levant (ISIL) නම් ඉරාකයේ පිහිටා ඇති ISIS සංවිධානයට බැඳි තනි කණ්ඩායමේ නායකයා බව ද තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.

කෙසේවෙතත්, මීට පරස්පර අන්දමින් තුර්කි ජනපති රෙසෙප් අර්දොගන් මහතා පවසා සිටියේ අල් සුමයිදායි නැමැත්තා සිරියාවේ ISIL කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවයි.

මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමා ඉස්ලාම් රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අධිකරණ අමාත්‍යංශයේ විනිසුරුවරයකු බව ඔහු පවසා ඇති බව ද තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

ඔහු තුර්කියට ඇතුළු වී තිබෙන්නේ නීතිවිරෝධී අන්දමින් බව අර්දොගන් ජනපතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්.

2014 වර්ෂයේදී ඉරාකයේ සහ සිරියාවේ ISIL කණ්ඩායම පරාජයට පත්කිරීමට හමුදා සමත් විය.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි