×

වසර 30ක් පාලනය කළ මුගාබේ මිහිදන් කිරීමට තවත් දින 30ක් අවශ්‍යයිලු

මිහිදන් කරන ස්ථානය පිළිබදව රජය සහ මුගාබේ පවුල අතර ගැටුමක්


මීට දින කිහිපයකට පෙර මිය ගිය හිටපු සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මිහිදන් කළ යුතු ස්ථානය පිළිබදව මේ වන විට රජය සහ මුගාබේ පවුල අතර මතභේදයක් හටගෙන ඇත‍

එළැඹෙන සතියේදී ඔහුගේ අවසන් කටයුතු කිරීම සදහා එරට රජය විසින් සියලු කයුතු සූදානම් කර තිබූ අතර ඒ සදහා අප්‍රිකානු නායකයන් සියල්ලන්ටම ඇරයුම් කර තිබිණ. ඒ අනුව ඇතැම් අප්‍රිකානු නායකයන් මේ වන විටද සිම්බාබ්වේ රාජ්‍ය්‍යට පැමිණ ඇත.

නමුත් රොබට් මුගාබේ ජනපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඔහුව මිහිදන් කළ යුත්තේ හරාරේ හි පිහිටි ජාතික වීරයන් මිහිදන් කෙරෙන ස්මාරක අක්කරය නමින් හදුන්වන ස්ථානයේ බවයි.

මීට ඉහතදී ඔහු උපන් ගමේ දී ඔහුව මිහිදන් කිරීමට යෝජනා වී තිබිණද ඔහුගේ පවුලේ සාමාජිකයන් දැඩි ලෙස බල කර සිටින්නේ මුගාබේ මිහිදන් කළ යුත්තේ ජාතික වීරයන් මිහිදන් කළ ස්ථානයේම බවයි. නමුත් රජය පවසන්නේ එම සථානයේ ඔහු වෙනුවෙන් ස්මාරකයක් නිම කිරීම සදහා දින 30ක කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවයි.

ඒ අනුව මුගාබේගේ සිරුර මිහිදන් කිරීම සදහා තවත් දින 30ක කාලයක් ගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් තීරණය කර ඇත.

වසර 30ක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍ය තුළ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මුගාබේ වයස අවුරුද් 95 දී පසුගියදා මිය ගියේය. 1987 වසරේ ජනපති ධූරයට පත් වූ ඔහු 2017 හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහු ධූරයෙන් ඉවත් කෙරෙන තුරුම සිම්බාබ්වේ රාජ්‍යයේ පාලකයා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි