×

Tweet Edit කරන්න දැන් අපටත් පුලුවන්?

Tweet Edit කිරිමේ හැකියාව ලැබෙන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සදහා පමණයි.


පසුගිය අප්‍රේල් මාසයේදී Twitter සමාගම විසින් Tweet සංස්කරණය කිරිමේ(Edit) හැකියාව ලබා දීමට බලාපොරොත්තු වන බවට නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් විසින් ඔවුන්ගේ Twitter Blue Lab පරිශීලකයන් සදහා මෙය ලබා දී පරික්ෂා කිරිමට නියමිත බව දක්වා තිබුණි.

ඊයේ දිනයේදී Twitter Blue සිය නිල Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන සටහනට අනුව Twitter සමාගම විසින් ඔවුන්ගේ Blue Lab පරිශීලකයන් සදහා නිල වශයෙන් Tweet Edit කිරිමේ පහසුකම ලබා දීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් තවමත් මෙලෙස Tweet Edit කිරිමේ හැකියාව ලැබෙන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සදහා පමණයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුල එක්සත් ජනපද සදහාත් මේ පහසුකම ලබා දිමය නියමිත බව ඔවුන් දක්වා තිබේ.

Twitter සමාගම විසින් පළකර ඇති තවත් Tweet එකට අනුව ඔවුන් විසින් මේ පහසුකම අනෙක් රටවල් සදහාත් ඉක්මනින්ම ලබා දීමට බලාපොරොත්තු වන බව දැක්වේ. එමෙන්ම Twitter Blue පහසුකම මේ වන විට ලබා ගත හැක්කේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් ජනපද යන රටවල් හතරට පමණක් වන බැවින් මෙලෙස අනෙක් රටවල් සදහා Tweet Edit පහසුකම ලබා දීමේදි එම රටවල් සදහාත් Twitter Blue පහසුකම ලබා දී මේ Edit පහසුකම ඒ හරහා ලබාදේ ද, නැතිනම් එලෙස නොමැතිව ලබාදේ ද යන්න පිළිබඳ තවත් නිල වශයෙන් තොරතුරු පළ කර නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි