×

හොංකොං අර්බුදය ගැන වැරදි තොරතුරු පතුරවන චීනුන්ගේ Twitter සහ Facebook ගිණුම් අත්හිටුවයි

මේ අනුව ට්විටර් සමාගම විසින් චීන ට්විටර් ගිණුම් 936ක් අත්හිටුවා ඇත


හොංකොං සම්බන්ධව වැරදි වැටහීම් සමාජගත කරන්නට චීන ජාතිකයන් විසින් Twitter සහ Facebook මගින් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එසේ යොදා ගන්නා ගිණුම් අත්හිටුවීමට Twitter සහ Facebook ආයතන පියවර ගොන ඇත.
මේ අනුව ට්විටර් සමාගම විසින් චීන ට්විටර් ගිණුම් 936ක් අත්හිටුවා ඇත. ඔවුන් පවසන්නේ ඒවා හොංකොං අර්බුදය සම්බන්ධව දේශපාලනික ලෙස වැරදි තොරතුරු පතුරවමින් සිටින බවයි.

ෆේස්බුක් ආයතනය පවසන්නේ ට්විටර් ආයතනය ගත් තීරණයත් සමග තමන්ද ඒහා සම්බන්ධ ෆේස්බුක් ගිණුම් අත් හිටවූ බවයි. ඒ අනුව මේ වන විට ෆේස්බුක් පිටු 7ක්, ෆේස්බුක් සමූහ 3ක් සහ ගිණුම් 5ක් අත්හිටුවා ඇත.

ෆේස්බුක් ආයතනයේ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධ අධ්‍යක්ෂ නතෑනියල් ග්ලීචර් පවසන්නේ මෙම ක්‍රියාවලිය පිටුපස සිටින්නන්ගේ අනන්‍යතාවන් පිළිබදව සොයා යෑමේදී ඔවුන් චීන රජය හා සම්බන්ධව කටයුතු කරන්නන් බව අනාවරණය කැ ගත් බවයි.

තව දුරටත් කරුණු දක්වන ට්විටර් ආයතනය පවසන්නේ තමන් තහනම් කළ ගිණුම් 936 හැරෙන්නට තවත් ගිණුම් 200000පමණ වැරදි තොරතුරු ප්‍රචාරණය සිදු කරන බවත් ඒවාද ඉදිරියේදී තහනම් කෙරෙනු ඇති බවත්ය.

හොංකොං වැසියන් අත්අඩංගුවට ගත හැකි වන පරිදි චීනය විසින් හදුන්වා දෙන්නට හදන උදර්පණ නීතියක් හදුන්වා දීමට උත්සහා කිරීම හොංකොං හී අර්බුද ඇති වීමට හේතු වූ අතර පසු ගිය මාර්තු මස හොංකොං හී ජනතාව විරෝධතා ආරම්භ කළහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි