×

ට්විටර් සමාගම මස්ක්ට එරෙහිව අවි අමෝරයි!

ඉකුත් දින ට්විටර් සමාගම මිලදී ගැනීමට අදාළ ගිවිසුම අහෝසි කිරීමට එරෙහිව එම සමාගම ඊලෝන් මස්ක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බව වාර්තා වේ.


රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ට්විටර් ඉන්කෝපරේෂන් විසින් වොක්ටෙල්, ලිප්ටන්, රෝසෙන් ඇන්ඩ් කැට්ස් එල්එල්පී නම් ඇමරිකානු නීති සමාගමේ නීති කණ්ඩායමක් මේ සඳහා ලබා ගෙන තිබේ.

ට්විටර් සමාගම සූදානම් වන්නේ එම සමාගම ඩොලර් බිලියන 44 කට මිලදී ගැනීමට අදාළ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට මස්ක්ට බල කිරීමට බව එම පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.

ටෙස්ලා අධිපති ඊලෝන් මස්ක් ඉකුත් සිකුරාදා දින ට්විටර් සමාගම මිලදී ගැනීමට අදාළ ගිවිසුම අහෝසි කරනු ලැබුවේ, සාවද්‍ය ට්විටර් ගිණුම් පිළිබඳ තොරතුරු තමා වෙත ලබා දීමට ට්විටර් සමාගම අසමත් වූ බව පවසමිනි.

මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ට්විටර් සමාගම කටයුතු කරන බවට එම සමාගමේ සභාපති බ්‍රෙට් ටේලර් පවසා තිබිණි.

මස්ක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති සහාය ලබා ගන්නා කණ්ඩායමේ සිම්ප්සන් තැචර් ඇන්ඩ් බාර්ට්ලෙට් එල්එල්පී සහ විල්සන් සොන්සිනි ගුඩ්රිච් සහ රොසාති සිටින බව ද වාර්තා වේ.

උක්ත නීති සමාගම ටෙස්ලා සමූහයේ ටෙස්ලා ප්‍රයිවට් හි නීති කටයුතු සම්බන්ධයෙන් 2018 දී මස්ක්ට නීති සහාය ලබා දුන් සමාගම වීම ද විශේෂත්වයකි.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි