×

දකුණු පිලිපීනයේ බෝම්බ පිපුරුමකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට

අද දින පැවැත්වෙන් දේව මෙහෙයුම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කර ඇති බව වාර්ථා වේ.


පිලිපීනයේ රෝමානු කතෝලික දේවස්ථානයක් තුළ සිදු වූ බෝමිබ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

දකුණු පිලිපීනයට අයත් දූපතක පිහිටා තිබූ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාර දෙකක් අද උදෑසන එල්ල වී ඇති අතර අද දින පැවැත්වෙන් දේව මෙහෙයුම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කර ඇති බව වාර්ථා වේ.
මෙම ප්‍රහාර හේතුවෙන් මිය ගිය පිරිස අතර ආරක්ෂක භටයින් මෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන්ද වෙයි.

තවමත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් විසින් භාර නොගෙන ඇති බව වාර්ථා වේ. බෝම්බ පිපිරීම සිදු වූ ජෝලෝ දිවයින අබු සයිෆ් නැමති ඉස්ලාම් කැරළි කණ්ඩායම විසින් ගැටළු ඇති කළ දූපතක් වන අතර ඇමරිකා එක්සත් ජනපදය සහ පිලීනය විසින් මෙම කැරළි කණ්ඩායම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත.

මෙම බෝම්බ ප්‍රහාර සිදු වන්නට සතියකට පෙර සුළුතර මුස්ලිම් ජාතිකයින් විසින් කතෝලික බහුතරයක් සිටින මෙම පළාතේ සිය බලය තහවුරු කරමින් එය ස්වාධීන පළාතක් ලෙස නම් කරන ලදී. මෙම කණ්ඩයම් දෙක අතර පවතින කැරළි හේතුවෙන් පසුගිය දශක පහක් තිස්සේ 150000 පමණ පිරිසකගේ ජීවිත අහිමි වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි