×

U.K. Southport හි පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට!

පිහි ඇණුම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වේ


රෂිකා හෙන්නායක ජූලි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රිතාන්‍ය යේ සවුත්පෝර්ට් නගරයේ සිදුවු පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර, සවුත්පෝර්ට් නගරයේ මර්සිසයිඩ් ප්‍රදේශයේ කුඩා දරුවන්ට නර්තනය පුහුණු කරන ආයතනයක මෙම පිහි ඇණුම සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පිහි ඇණුම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වන අතර, පිහි ඇණුමේ දී කුඩා දරුවන් බේරා ගැනීමට පැමිණි වැඩිහිටියන් දෙදෙනෙකු ද ඊට අයත් වේ,

17 හැවිරිදි තරුණයෙකු සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඝාතනයන් සිදුකිරීම හා ඝාතනයන් සිදුකිරීමට උත්සහ කිරීමයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි