×

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පන දෙකක්!

අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.


රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනයක් ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ ද පසුව එය ඉවත් කර ඇති අතර , අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පන තත්ත්වය මෙය වේ.

අද උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හටගෙන තිබුණි. අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි