×

සුපිරි K-pop තරු දෙකක් සමූහ ස්ත්‍රී දූෂණයට සිපිරි ගෙට

කොරියානු සංගීතය හෙවත් කේ-පොප් (K-pop) හි සුපිරිතම තරු වශයෙන් සැලකුණු ගායකයන් දෙදෙනෙකු සමූහ ස්ත්‍රී දූෂණයට වරදකරුවන් බවට පත්වී සිරගෙට නියම වී තිබේ. Jung Joon-young සහ Choi Jong-hoon නමැති මේ දෙදෙනා සඳහා දකුණු කොරියානු අධිකරණය පිළිවෙළින් වසර 6 ක සහ 5 ක සිර දඬුවම් නියම කළේය. මත්පැන් පානය කර සිහිමද තත්වයෙන් පසුවූ තරුණියන් දූෂණය කිරීමේ වරදට […]


කොරියානු සංගීතය හෙවත් කේ-පොප් (K-pop) හි සුපිරිතම තරු වශයෙන් සැලකුණු ගායකයන් දෙදෙනෙකු සමූහ ස්ත්‍රී දූෂණයට වරදකරුවන් බවට පත්වී සිරගෙට නියම වී තිබේ.

Jung Joon-young සහ Choi Jong-hoon නමැති මේ දෙදෙනා සඳහා දකුණු කොරියානු අධිකරණය පිළිවෙළින් වසර 6 ක සහ 5 ක සිර දඬුවම් නියම කළේය.

මත්පැන් පානය කර සිහිමද තත්වයෙන් පසුවූ තරුණියන් දූෂණය කිරීමේ වරදට ඔවුන් වරදකරුවන් බව හෙළිවිය.

ජුන් ජූන්-යන්ග් සම්බන්ධයෙන් තීන්දුව දෙමින් විනිසුරුවරයා සඳහන් කළේ කාන්තාවන් බීමත් ව සිටින විට – එනම් ප්‍රතිරෝධය පෑමට අසමත් ව සිටින විට මෙම අපරාධ සිදුකර ඇති බවයි.

තවද ඔවුන් විසින් මේවා වීඩියෝ කර එය චැට් ගෘෘප් එකකට මුදා හැර ඇති බව ද සඳහන් වේ.

වින්දිත තරුණියන්ට දූෂකයා විසින් සලකා ඇත්තේ ‘සතුට සඳහා තිබෙන මෙලවමක්‘ (a tool for pleasure) වශයෙන් බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

සිර දඬුවම විඳින අතරවාරයේ මේ දෙදෙනාට ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැය 80 ක පාඨමාලා හැදෑරීමට නියම වී ඇති අතර දරුවන් සමග කටයුතු කිරීම ද තහනම් කර තිබේ.

ගතවූ වසර කිහිපය තුළ කේ-පොප් තරු සඳහා මේ අන්දමින් ලිංගික අපරාධ සහ ලිංගික වරද පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇත.

K-pop සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාවේ අතිශය ජනප්‍රිය ය.

[embedyt] https://www.youtube.com/watch?v=2yhNHRYhfTI[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි