×

බැග්ඩෑඩයට රොකට් ප්‍රහාර දෙකක්! ඇමරිකානු තානාපති කාර්යාලය නොසන්සුන්!

ප්‍රහාරයට වග කිව යුතු පාර්ශවයක් ‌ම‌ෙත‌ෙක් නිල වශයෙන් දැනුම් දී නැත.


ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අධි ආරක්ෂිත හරිත කලාපයට රොකට් ප්‍රහාර දෙකක් දියත් ව ඇති බවට වාර්තා වේ.

මෙම හරිත කලාපයේ රජයේ ගොඩනැගිලි හා විදේශ කටයුතු බොහොමයක් සිදුවේ.

කෙසේවෙතත්, ප්‍රහාරයෙන් පුද්ගල මරණ වාර්තා වී නොමැත.

ඉරාක හමුදා පවසන අන්දමට ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට මීටර සියයක් පමණ නුදුරින් එක් රොකට්ටුවක් පතිත වී තිබේ.

ඒ සමඟ හරිත කලාපයේ සයිරන නාද වීමත් සමඟ සැමගේ අවධානය ‌‌ය‌ොමුව තිබේ.

ප්‍රහාරයට වග කිව යුතු පාර්ශවයක් ‌ම‌ෙත‌ෙක් නිල වශයෙන් දැනුම් දී නැත.

කෙසේවෙතත් ‌‌ම‌ෙම ප්‍රහාරය ඉරානය විසින් දියත් කරනු ලද ඇති බවට සැක පළ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි