×

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැඟිල්ලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යංශයට එල්ල කළ බෝම්බ ප්‍රාහාරයකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.


ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සියක් වන ෂින් බෙට් සහ උතුරු පොලිස් දෙපාර්තමේන්තුව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

නාසාරෙත් නගරයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යංශ ශාඛා කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස 20 ක හා 23 ක තරුණයන් දෙදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගොඩනැඟිල්ලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ දැඩි අලාභ හානි වලට අදාළව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවට පොලීසිය ප්‍රකාශ කරයි.

ඉන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව ෂින් බෙට් ඒජන්සිය නිකුත් කළ නිවේදනයක සඳහන්.

රජයේ ආයතන වලට හානි කිරීම බරපතල වරදක් බවත්, මීට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ෂින් බෙට් ආරක්ෂක ඒජන්සිය සහ පොලීසිය වැඩිදුරටත් පවසයි.

නාසාරෙත් නගරයේ පිහිටා ඇති සෞඛ්‍ය අමාත්‍යංශ ශාඛා කාර්යාලයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි