×

ලෙකීමා නිසා චීනයේ මිය ගිය ගණන 28ක් , 20ක් අතුරුදන්

,


චීනයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශ වලට හමා ආ ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් එහි කාල ගුණික තත්ත්වය මේ වන විට දරුණු අතට හැරෙමින් පවතී, ෂෙජියැන්ග් ප්‍රදේශයේ මිලියන පහකට අධික පිරිසක් මේ වන විට නිවාස වලින් ඉවත් කර ඇති අතර දැඩි හුළග සහ වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ සියලු කටයුතු මේ වන විට අඩාල වී ඇති බව වාර්ථා වේ.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් නාය යෑම් හේතුවෙන් මිය ගොස් ඇතිඅතර ගංගා බෙහෝමයක ස්වභාවික වේලි බිදී යෑම නිසා දරුණු ගංවතුර තත්ත්වයන් ද උදා වී ඇත.

ලෙකීමා කුණාටුව හේතුවෙන් නිවාස 34000කට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බව වාර්ථා වන අතර ඒ හේතුවෙන් සිදුව ඇති සෘජු ආර්ථික පාඩුව චීන යුආන් බිලියන 14.57කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි