×

නෝරු සුළි කුණාටුවේ බලපෑම පිලිපීනයට

මෙම සුළි කුණාටුව මැනිලා අගනුවරට ඇතුළු වීමෙන් නායයෑම්, හදිසි ගංවතුර සහ භයානක කුණාටු ඇතිවීමට හේතු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.


පැයට කිලෝමීටර් 195ක වේගයකින් ගමන් ගන්නා ටයිෆූන් නෝරු සුළි කුණාටුව පිලිපීනය අසලට ළඟා වීමත් සමඟ පුපුරණසුළු ලෙස තීව්‍රව ඇත.

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි අධික ජනාකීර්ණ ලුසොන් දූපත දෙසට ප්‍රබල සුළි කුණාටුවක් හමා යාමත් සමඟ වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බව පිලිපීනයේ ආපදා ඒජන්සිය විසින් නිවේදනය කර තිබේ. එය පසුගිය පැය 24තුළ පැයට කිලෝමීටර් 90කින් වේගය වැඩි වූ අතර මෙම සුළි කුණාටුව මැනිලා අගනුවරට ඇතුළු වීමෙන් නායයෑම්, හදිසි ගංවතුර සහ භයානක කුණාටු ඇතිවීමට හේතු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මේ තත්වය සම්බන්ධයෙන් ජාතික පොලිස් ප්‍රධානී ජෙනරාල් රොඩොල්ෆෝ අසුරින් පැවසුවේ අවදානම් කලාපවල වෙසෙන පදිංචිකරුවන්ට ඉන් ඉවත් වීමට දැනුම් දුන් බවයි. මැනිලා නගරයට නැගෙනහිරින් පිහිටි Quezon පළාතේ ධීවරයින්ට මුහුදට යාම වළක්වා ඇති අතර ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී ඇති බවටද වාර්තා වී තිබේ.

කෙසේ නමුත් පැසිෆික් සාගරයේ පිහිටි දූපත් 7,000කට වැඩි ප්‍රමාණයකින් යුත් දූපත් සමූහයක් වන පිලිපීනය නිරන්තරයෙන් කුණාටු වලින් විනාශයට පත් වන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය උණුසුම් වන විට ස්වභාවික ව්‍යසනයන් ද බලවත් වන බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි