×

ඇමරිකානු යුධ නැවක් තායිවාන සමුද්‍ර සන්ධිය තරණයේ!

ඇමරිකානු යුධ නැවක් ආරක්ෂාව අතින් ‘සංවේදී‘ ලෙස සැලකෙන තායිවාන සමුද්‍ර සන්ධිය තරණය කරමින් සිටින බව වාර්තා වේ.


මෙය මිසයිල නාශක නෞකාවකි.

ඇමරිකානු යුධ නෞකා මේ අන්දමින් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සැලකෙන්නේ කලාපීය සාමයට බාධා කිරීමේ හෝ ආතතිය ඇති කිරීමේ ප්‍රයත්නයන් ලෙස ය.

කෙසේ නමුත් ඇමරිකාව පවසන්නේ මෙමගින් ඉන්දු-පැසිෆික් මුහුදු තීරය නිදහස් සහ විවෘත ලෙස පවත්වාගෙන යාම සංකේතවත් කරන බවයි. අන්තර්ජාතික නීතිය විසින් ඉඩ ලබාදෙන ඕනෑම තැනක ඇමරිකානු නෞකා යාත්‍රා කළ හැකි බව ද නාවික හමුදාව පවසයි.

තායිවානය හෝ එහි පාලන බලය ගෙනයන චීනය මේ පිළිබඳ අදහස් දක්වා නැත. නමුත් පසුගිය මාසයේ ඇමරිකාව සහ කැනඩාව තායිවාන සමුද්‍ර සන්ධිය වෙත යුධ නෞකා එවීම අන්තර්ජාතික වශයෙන් බරපතළ අර්බුදයකට තුඩු දුන් අතර, චීනය එය දැඩි සේ හෙළා දුටුවේය.

කලාපීය ආරක්ෂාව යටතේ තායිවාන-ඇමරිකානු විරසකය උණුසුම් මාතෘකාවකි. තායිවානය ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් තමන්ට අයිති රටක් යැයි චීනය පවසයි.

නමුත්, අන්තර්ජාතික වෙළඳාමේදී තායිවානයේ විශාලතම හවුල්කරු ලෙස පෙනී සිටින්නේ ද ඇමරිකාවයි.

තවද තායිවානයේ ලොකුම ආයුධ සපයන්නා වන්නේ ද ඇමරිකාවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි