×

ශ්‍රී ලංකා සංචාරයට අරාබියෙන් අනතුරු ඇඟවීම්!

මෙම නිවේදනය කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් ව ඇත.


කොළඹ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරයන් සීමා කිරීම සඳහා උපදෙස් නිකුත් කර ඇති බවට වාර්තා වේ. ‍

පසුගිය ඉරු (20) දින එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පහත සඳහන් නිවේදනය නිකුත් කොට තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතුය. හදිසි අවස්ථාවකදී පුරවැසියන් තානාපති කාර්යාලයේ +94 112-301-601 දුරකතන අංකයට අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානයේ +971 800-444-44 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය සමඟ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සීමා උපදේශනයන් පනවා තිබිණි. එරට අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් හෝ UAEMOFA නමින් හැඳින්වෙන ස්මාර්ට් ජංගම යෙදුම භාවිතයෙන් ප්‍රවේශ විය හැකි ට්වාජුඩි සේවාව සමඟ සංචාරකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ලියාපදිංචි කරනා ලෙස විදේශ අමාත්‍යංශය අරාබි සංචාරකයින් ගෙන් ඉල්ලා සිටින ලදී. හදිසි අවස්ථාවන් සහ අර්බුද ඇති තත්ත්ව තුළදී අරාබි ජාතික පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අමාත්‍යාංශයට සහ එහි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයට මෙම සේවාව මඟින් ඉඩ සලසා දෙයි.

විදෙස් ගත වන විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවන් හීදී ආවරණය ලබා දෙන සෞඛ්‍ය රක්ෂණයක් වන මුසාෆිර් වැඩසටහනේ ලියාපදිංචි වන ලෙසද එරට රජය අරාබි ජාතික පුද්ගලයන් ගෙන් ඉල්ලා සිටින ලදී.

ඉහත කී සංචාරක සීමා නිවේදනය එළඹෙන නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ප්‍රථම නිකුත් කරන ලදී. මැතිවරණ කාලසීමාව තුළ ආරක්ෂාව පිළිබඳ සලකා බලා මෙම නිවේදනය ශ්‍රී ලංකාවට සංචාරය කරන අරාබි ජාතික පුද්ගලයන් හට නිකුත් කොට ඇති බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි