×

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පිරිණැමෙන සියලු සම්මාන පුරුෂයින්ට පමණක් ලබා දුන් රටක්

සම්මාන සියල්ල පිරිනැමුණේ පුරුෂයින් සිවු දෙනෙකු වෙතය.


එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අරුම පුදුම සම්මානයක් ගැන නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම පළ විය. සම්මාන ප්‍රධානයෙන් පසු සියලු සමාජමාධ්‍ය ඔස්සේ සම්මාන උළෙල සංවිධානය කළ සියලු බලධාරීන්ව අවමානයට ලක් කෙරුණේ විවි විවේචන හේතුවෙනි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පිරිනමන්නට සූදානම් කර තිබූ  සියලු සම්මාන පුරුෂයන්ට පමණක් හිමි වීම මෙයට හේතු විය.

එක්සත් අරාබි එමිරේට්ස් හී උප ජනපති සහ ඩුබායි හී පාලකයා වන ෂේක් මෙහොමඩ් බින් රෂීඩ් අල් මැක්ටොම් විසින් මෙම සහතික හා සම්මාන ප්‍රධානය සිදු කරනු ලැබීය.
ස්ත්‍රි පුරුෂ සමානාත්තාව වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන පුද්ගලයින් සදහා පිරිනමන සම්මාන වන “best government entity supporting gender balance”, “best federal authority supporting gender balance” සහ “best gender balance initiative” සම්මාන සියල්ල පිරි නැමුණේ පුරුෂයින් සිවු දෙනෙකු වෙතය.

සම්මාන උළෙල පිළිබදව නිකුත් වූ ට්විටර් පණිවිඩ වලින් එකක් වූයේ
” වාව් සැබවින්ම එහි විවිධත්වයක් තිබුණා.. සම්මාන ලාභීන්ගෙන් එක් අයෙක් හැද සිටියේ අළු පැහැ ඇදුමක්…

තවත් ට්විටර් පණිවිඩයක සටහන් වී තිබුණේ
” ඔබ සියල්ලෝම ලූණු කැපුවාද ” යන්නයි.

කෙසේ වෙතත් මැද පෙර දිග රටවල කාන්තාවන් තවමත් සමානත්මතාව වෙනුවෙන් අනෙක් බෙහොමයක් රටවලට වඩා වැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇති අතර පසු ගිය කාලය පුරා සිය අයිතීන් වෙනුවෙන් ජීවිත පරදුවට තැබූ කාන්තාවන්ද සිර ගත වූ අයද මෙන් රටින් පලා ගිය අයද සිටී.
මානව හිමිකම් සංවිධාන වාර්ථාවන්ට අනුව එක්සත් අරාබි එමිරේටිස් හී කාන්තාවන් වෙනස්කොට සැළකීම සැළ කිය යුතු මට්ටමක පවතින අතර විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රයේ එය ඉහළ මට්ටමක පවතී.පෞද්ගලික සහ විවාහය සම්බන්ධ කරුණු එනම් විවාහය හා දික්කසාදය, දරුවන්ගේ අයිතිය, ආදාය සම්බන්ධයෙන් වැඩි වාසියක් හිමි වන්නේ පුරුෂයින්ටය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි