×

UFO ගැන USA විමසිල්ලෙන්

සිය රටේ සීමා කර ඇති ගුවන් සීමාවන් තුළ හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තා විමර්ශනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් දියත් කරන බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් තීරණය කර තිබේ.


පසුගිය ජූනි මාසයේ දී හදුනා නොගත් යානවන් පිළිබඳව දර්ශනය වීම බොහෝමයක් වාර්තා වූ අතර , ඉන් බොහෝමයක් පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එය ජාතික ආරක්ෂක අවදානම් පිළිබඳව අනතුරු ඇඟවීමක් දක්වා වර්ධනය විය.

මේ පිළිබඳව පෙන්ටගනය නිවේදනය කර ඇත.

නව කණ්ඩායමක් සහ ඉහළ හමුදා බුද්ධි අංශ නායකයින් විසින් මේ පිළිබඳව ඉදිරියේ අධීක්ෂණය කරයි. එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ගුවන් ආක්‍රමණ පිළිබඳ ඕනෑම වාර්තාවක් හඳුනාගත් හෝ හඳුනා නොගත් ත්ත්වයක් ලෙස “ඉතා බැරෑරුම් සිදුවීමක් ලෙස සලකන අතර, ඒ සෑම සිදුවීමක්ම විමර්ශනය කරන” බවයි.

එක්සත් ජනපද හමුදාව විසින් සිය අහස් සීමාව තුළ අක්‍රමවත් ලෙස චලනය වන හඳුනා නොගත් වස්තූන් පිළිබඳ අවස්ථා ගණනාවක් වාර්තා කිරීමෙන් පසුව එරට නීති සම්පාදකයින් ඒ පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබුණි.

2004 වසරේ සිට මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා 144ක් ඉදිරිපත් කර ඇති අතර, ඒවායින් එකක් හැර අනෙක් සියල්ල පැහැදිලි කිරීමට නොහැකි විය.

පෙන්ටගනය මෙවැනි සිදුවීම් කිසිදු වෙනත් ලෝක‍යක ක්‍රියාකාරකමක් පිළිබඳ “පැහැදිලි ඇඟවීම්” නොමැති බව පැවසුවද, එම වස්තූන් පිටසක්වල බවට ඇති හැකියාව ද ඔවුන් ඍජුව බැහැර කර නොමැත..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි