×

සිය ට්විටර් ගිණුම අවහිර කළැයි උගන්ඩාවේ සිසුවෙක් ජනපති මුසෙවේනි ට එරෙහිව නඩු මගට

උගන්ඩා ජනපති යොවෙරි කගූටා මුසවේනී මේ ගෙවන්නේ සිය ධූර කාලයේ 33 වන වසරයි.


සිය ට්විටර් ගිණුම අවහිර කළ බවට චෝදනා කරමින් උගන්ඩාවේ සිසුවෙක් එරට ජනපති යෙවේරි මුසෙවේනිට විරුද්ධව නඩු මගට අවතීණය වී ඇත.

උගන්ඩාවේ ජනපති ඒකාධිපති පාලකයෙක් බවත් ඔහු ජනපති ධූරයෙන් ඉවත් යුතු බවත් මෙම ශිෂ්‍යා විසින් සිය ටිවිටර් ගිණූමේ පළ කර තිබීම ඔහුගේ ටිවිටර් ගිණුම අවහිර කිරීමට හේතුවයි.
ටේගර් සෙගූයා නැමැති මෙම ශිෂ්‍යයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අන්තර් ජාතික සබධතා පිළිබද අධ්‍ය්‍යනය හදාරණ ශිෂ්‍යයයෙකි. ජනපතිවරයා @KagutaMuseveni ගිණුමට අදාළව සිය අදහස් දැක්වීම සදහා ශිෂ්‍යා වෙත අවසර නොදෙමින් ඔහුව අවහිර කිරීම වරදක් බවට ශිෂ්‍ය්‍යා චෝදනා කරයි.

උගන්ඩාවේ කම්පාලා හී ඉහළ අධිකරණය වෙත පෙත්සමක් යොමුකරමින් මෙම ශිෂ්‍යයා පවසන්නේ මුසවේනී ජනපතිවරයාගේ ක්‍රියාකලාපය නීති විරෝදී බව ප්‍රකාශයට පත් කරන ලෙසයි. ජනපතිවරයාගේ ට්විටර් ගිණූම මහජනයා වෙනුවෙන් අනාවරණය විය යුතු බවත්. තමන්ට ඔහුගේ ගිණුමේ කටයුතු වලට අදාලව අදහස් දැක්වීමට අයිතියක් ඇති බවත් සිය රටේ ජනපතිවරයා ට්විටර් ගිණුමේ ඵල කරන්නේ මොනවාද? යන්න දැක ගැනීමට මෙන්ම ඔහු පල කර දේ සම්බන්ධව අදහස් දැක්වීම, ලයික් කිරීම ටැග් කිරීම මේ ආදී සියල්ල සදහා උගන්ඩාවේ පුරවැසියෙක් ලෙස තමන්ට අයිතිවාසිකම් අහිමි කිරීම පිළිබදව ඔහු මෙම පෙත්සමේ සදහන් කර ඇත.

රජයේ සහ රටේ දේශපාලන ක්‍රියාවලියට රට වැසියෙක් ලෙස සහභාගී වීමට තමන්ට ඇති අයිතිය කඩ වී ඇති බවත් අදහස් ප්‍රකාශනයට තමන්ට ඇති අයිතිය ජනපති සහ ඔහුගේ කාර්ය මණ්ඩලය තමන් වෙත අහිමි කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති මුසවේනි සමග රජයේ ප්‍රකාශක ඔෆ්වෝනෝ ඔපොන්ඩෝ සහ ආරක්ෂක අංශයේ දේශපාලන කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක අසාන් කසින්ග්යේ ද වරද කරුවන් ලෙස මෙම ශිෂ්‍යයා විසින් නම් කර ඇත.

උගන්ඩා ජනපති යොවෙරි කගූටා මුසෙවේනී මේ ගෙවන්නේ සිය ධූර කාලයේ 33 වන වසරයි.

Image result for museveni

මීට ඉහතදීද මුසවේනිගේ රජය විවේචනය කළ පුද්ගලයින් සදහා විවිධ දඩුවම් ලබා දී ඇති අතර මීට මසකට පෙර උගන්ඩා කාන්තා අයිතීන් සුරැකීමේ ක්‍රියාකාරිණියක වන සිටෙලා නයන්සි මාස 18කට සිරගෙට යවන ලදී. ඒ ඇය විසින් මුසවේනිව ”දූෂිත අපචාරී ඒකාධීපතියා” ලෙස ෆේස්බුක් හී  සටහන් කිරීම වරදක් බව චෝදනා කරමිනි.

මීට ඉහතදී මෙවැනිම සිදුවීමක් ඇමරිකාවේදී වාර්ථා වූ අතර 2017 වසරේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පුද්ගලයින් ගේ ටුවිටර් ගිණුම් අවහිර කිරීමේ චෝදනාවට නඩුපවරනු ලැබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි