×

කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍ය අනුමැතිය දෙයි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ. 


බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිපදවන ලද කොවිඩ් 19 වරසයට එරෙහි ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පළමු එන්නත ලබා දීම එළඹෙන සඳුදා දින සිදුකිරීමටයි තීරණ වී ඇත්තේ.

මේ වන විටත් බ්‍රිතාන්‍ය එන්නත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ඒ මිලියන 50ක ජනතාව වෙනුවෙනි.

මේ වන විට ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතත් භාවිතයේ පවතින හෙයින් සිය ජනතාව වෙනුවෙන් මෙම එන්නත් දෙක ප්‍රමාණවත් වනු ඇති බවයි එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා සඳහන් කර තිබෙන්නේ.

කොවිඩ් 19 වෛරසයට එරෙහි මෙහෙයුමේ වැදගත් අවස්ථාවක් ලෙසද ඔහු මෙය හඳුන්වා දී ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් BBC සමඟ පවසා ඇත්තේ ”දැන් අපට සෑම කෙනෙකුටම එන්නත ලබා දිය හැකි බව විශ්වාසයෙන් කිව හැකිය” යන්නයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපදනවා ලද මෙම ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමස්ත බ්‍රිතන්‍ය වැසියන් වෙතම ලබා දීමය හැකි බවද මැට් හැන්කොක් මහතා ප්‍රකාශ කර තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවීමේ කටයුතු මෙම වසරේ මුල් කාලයේදීම ආරම්භ කර තිබෙන බවත් මහා පරිමාණ වශයෙන් එය සායනික අත්හදා බැලීම්ද සිදුකර ඇති බවත්  දැක්වෙයි.

කෙසේවෙතත් මේ වන විට නව කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යය තුළින් හඳුනා ගැනීමත් සමඟ එහි ඉතා වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන හෙයින් තවදුරටත් ආසාදිතයින් වැඩිකර නොගෙන නිවසට වී සිටින ලෙස ජනතාවට බ්‍රිතාන්‍ය රජය උපදෙස් දී තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි