×

එක්සත් රාජධානියත් වසා දැමේ

එක්සත් ජනපදයේ, ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 35000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 495 දක්වා ඉහළ ගොස් ඇත.


මහා බ්‍රිතාන්‍ය රජය එරට ජනතාව වෙත  නිවේදනය කරන්නේ සමස්ත රාජ්‍ය්‍යම වසා දමන්නට තීරණය කළ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුරෝපයේ රෝග ව්‍යාප්ති වේගය වැඩි වෙමින් පවතින බවට නිවේදනය කිරීමත් සමග එරට රජය මෙම තීරණය ගෙන තිබේ. සියළු ජනතාවට සිය නිවෙස්වල රැඳී සිටින්නයි රජය ජනතාවට දන්වා සිටී, එරට පොලීසිය මේ සම්බන්ධව ක්‍රියාකරනු ඇති බවද රජයේ නිවේදනයයි.
මහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සියල්ලන්ටම දෙන සරළ උපදේශය වනිනේ ”ඔබ අනිවාර්යෙන්ම නිවසේම රැඳී සිටින්න” යනුවෙනි.
මේ වන විට යුරෝපා රාජ්‍ය්‍යන් අතර ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලියේ තත්ත්වයන් පිළීබදව අවධානය යොමු කරමින් හා එකී රජයන්ගේ තීරණ ආදර්ශයට ගනිමින් බ්‍රිතාන්‍ය රජය මෙම තීරණයට එළැඹ තිබේ.

කොවිඩ් 19 වසංගතයේ ලෝක ව්‍යාප්තිය පිළිබදව ලෝක අවධානය යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳුදා සඳහන් කළේ, ගෝලීය වශයෙන් ආසාදිතයින් 100,000 ක් කරා ළඟා වීමට දින 67 ක් ගත වුවද, ආසාධිතයින් 200,000 ක් කරා ළඟා වීමට ගත වූයේ 11 ක් පමණක් බවත් ආසාධිතයින් 300,000 ක් කරා ළඟා වීමට ඇත්තේ 4 ක් පමණක් බවත්ය.

කොරෝනා වයිරසය නිසා ඇති වූ COVID-19 රෝගයෙන් ඉතාලියානුවන් 6,000 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති අතර, පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වෛරසය ප්‍රථම වරට මතුවූ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්නය.

එක්සත් ජනපදයේ, ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 35000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 495 දක්වා ඉහළ ගොස් ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් රැස් කරන ලද දත්ත වලට අනුව, ලොව පුරා COVID-19 රෝගයෙන් පුද්ගලයින් 16,500 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ. රෝගය වැළඳී ඇති 379,000 දෙනාගෙන් 101,000 කට ආසන්න සංඛ්‍යාවක් සුවය ලබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි