×

එක්සත් රාජධානියේ තවත් කොරෝනා මරණ 259ක්-13ක්ම වෙනත් සෞඛ්‍ය ගැටලු නැති වැඩිහිටියන්

සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද කොරෝනා සම්බන්ධ මරණ 259 න් 75 කට වැඩි ප්‍රමාණයක් ලන්ඩනයේ සිදුවි ඇත. සෙනසුරාදා උදේ 9 වන විට එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් රෝගීන් 17,089 ක් තහවුරු වී තිබේ. පුද්ගලයන් 120,776 ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තවත් 259 දෙනෙකු එක්සත් රාජධානියේ මියගොස් ඇත – අවම වශයෙන් ඉන් 13 දෙනෙකුවත් කිසිදු සෞඛ්‍ය ගැටලු නැති පුද්ගලයන් ය.

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව එක්සත් රාජධානියේ වෛරසය වැළඳී 1,028 දෙනෙකු මියගොස් තිබේ.

එංගලන්ත සෞඛ්‍ය සේවය පැවසුවේ එරට මියගිය පිරිස් වයස අවුරුදු 33 ත් 100 ත් අතර අය වන අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු හැර සෙසු සියල්ලන්ටම පාහේ වෙනත් සෞඛ්‍ය ගටලු හෝ නිදන්ගත රෝග තත්වයන් ඇති බවයි. සෞඛ්‍ය ගැටලු නොමැති අය වයස අවුරුදු 63 ත් 99 ත් අතර අය වෙති.

ස්කොට්ලන්තයේ තවත් මරණ 7 ක් සිදුවී ඇති අතර, මුළු සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබේ. වේල්සයේ තවත් මරණ 4 ක් සිදුවී ඇති අතර, ඒ අනුව සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබේ.උතුරු අයර්ලන්තය මරණ 15 ක් වාර්තා කර තිබේ.

ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය තුළ මියගිය අයගෙන් කීදෙනෙකුට කොරෝනා වෛර්ස් තත්වය හැර සෞඛ්‍ය තත්වයන් තිබුණේද යන්න පැහැදිලි නැත.

එක් ප්‍රදේශයක වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ එංගලන්තයේ ලුවිෂාම් සහ ග්‍රීන්විච් එන්එච්එස් භාරයෙනි. මරණ 15 ක් එප්සම් සහ ශාන්ත හෙලියර් විශ්ව විද්‍යාල රෝහල් භාරයේ දී සිදු විය.

සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද කොරෝනා සම්බන්ධ මරණ 259 න් 75 කට වැඩි ප්‍රමාණයක් ලන්ඩනයේ සිදුවි ඇත. සෙනසුරාදා උදේ 9 වන විට එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් රෝගීන් 17,089 ක් තහවුරු වී තිබේ. පුද්ගලයන් 120,776 ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි