×

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 55,000 අභියස

කෙසේවෙතත්, එරට රජය විසින් දෛනිකව නිකුත් කරන වාර්තා හා මෙම මරණ නොගැලපීම ද විශේෂත්වයකි. 


කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 54,852 දක්වා වැඩිවී ඇති බව වාර්තා වේ.

මේ වන විට කොරෝනා වසංගතය දරුණු අන්දමින් ම බලපෑ රටවල් අතර බ්‍රිතාන්‍යයද පසුවේ.

ර‍ොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, මෙම මරණ සංඛ්‍යාව පසුගිය 19 වන දින දක්වා කාලය තුළ එංගලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තයේ වාර්තා ගත රෝහල් මරණ සංඛ්‍යාවත්, පසුගිය 21 වන දින ස්කොට්ලන්තයේ වාර්තා ගත රෝහල් මරණ සංඛ්‍යාවත් හා සැසඳේ.

කෙසේවෙතත්, එරට රජය විසින් දෛනිකව නිකුත් කරන වාර්තා හා මෙම මරණ නොගැලපීම ද විශේෂත්වයකි.

රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රජය වාර්තා කරන මරණ අතර කොරෝනා බවට සැකසහිත තත්ත්ව තුළ මරණයට පත්වූ පුද්ගලයින් පිළිබඳ වාර්තා ඇතුලත් නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි